ශ්‍රී ලංකා වේග පන්දුවෙන් හොඳ උත්තරයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 24, කොළඹ (LNW): බංගලාදේශ වේග පන්දු යවන්නන් මුල් වී ශ්‍රී ලංකාව ලකුණු 280 ක ට දවා ගත්තද,ඊට නිසි පිළිතුරු ලබා දුන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ද බංගලාදේශය ලකුණු 188 ට දවා ගැනීමට සමත් විය.එකඳු අර්ධ ශතකයක් හෝ නොමැති බංගලාදේශ ඉණිමේ වැඩ්ම ලකුණුලාභියා වූයේ ටයිජුල් ඉස්ලාම් ය.ඔහු ලකුණු 47 ක් ලබා ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකාවේ කඩුලු දවන යන්තරය බවට පත් වී සිටින ප්‍රභාත් ජයසූරිය පන්දු ඕවර් 7 ට සීමා විය.ඔහු එහිදී කඩුලු නොලබමින් ලකුණු 33 ක් ලබා ගත් අතර ඔහු වෙනුවට බංගලාදේශ දඩයමේ පෙරමුණ ගත්තේ වේග පන්දු යවන්නන් තිදෙනාය.ඒ අතරින් විශ්ව ප්‍රනාන්දු ලකුණු 48 ට කඩුලු 4 ක් දවා ගනිමින් පෙරමුණේ රැඳිණි.කසුන් රාජිත ලකුණු 56 ට ද,ලහිරු කුමාර ලකුණු 31 ට ද කඩුලු 3 බැඟීන් දවා ගන්නට සමත් වූහ.
නමුත් දෙවන ඉණිමේ ද ශ්‍රී ලංකා පිතිකරුවො වගකීම පැහැර හැරියහ.ඒ නිසා තරගය තීරණයක් අනිවාර්යය තරගයක් ලෙස දෙපසට දෝලනය වෙමින් ඇත.බංගලාදේශ කඩුලු දඩයමට මේ වන විට දඟ පන්දු යවන්නන් ද එක් වී සිටින නිසා දෙවන දිනය නිමාවේ කඩුලු 5 ක් ලකුණු 119 ට අහිමි කර ගෙන සිටින ශ්‍රී ලංකාවට තරගය ජයගැනීම පහසු නැත.බංගලාදේශ පිතිකරුවන් දෙවන ඉණිමේදී පළමු ඉණිමට වඩා තැන්පත් වුවහොත් ශ්‍රී ලංකාවට විශාල කරදරයක් වීමට ඉඩ ඇත. යහපතක් ලෙස දැකිය හැක්කේ බංගලාදේශ දඟ පන්දුව ද කඩුලු දවා ගැනීමට පිවිස සිටින බැවින් ප්‍රභාත් ජයසූරියට ද තණතිල්ල උදව් කිරීමට ඇති ඉඩය.
දෙවන ඉණිමේ වගකීමක් ගෙන පිත්ත හැසිර වූ දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කරන්නට සමත් විය.ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ ලකුණු 113 වන තෙක් දිමුත් පිටියේ රැදී සිටිය ද එම කාලය තුළ අඩුම තරමින් අර්ධ ශතකයක් ඉක්මවා යන සබඳතාවක් ගොඩ නඟන්නටවත් ශ්‍රී ලංකා පිතිකරුවෙක් දිමුත්ගේ සහයට නො’ආවේය.ධනංජය ද සිල්වා ලකුණු 23 ක් ලබා නොදැවී සිටින අතර ගොම්මන් පිතිකරු ලෙස පැමිණි විශ්ව ප්‍රනාන්දු අනෙක් අන්තයේ ය.ලොව වටිනාම ටෙස්ට් ඉණිමක් ලෙස සැළකෙන කුසල් ජනිත් සමඟ අවසන් කඩුල්ල වෙනුවෙන් විශාල සබඳතාවයක් පවත්වා ගනිමින් කඩුල්ලේ රැදී සිටීමේ හැකියාව පෙන්වා ඇති විශ්ව හෙට දවසේ ද කඩුල්ල වැඩි වේලාවක් රඳවා ගෙන ධනංජය සමඟ පිටියේ රැඳුනොත් ශ්‍රී ලංකාවට එය විශාල අස්වැසිල්ලක් විය හැකිය.


බංගලාදේශ පසු පෙළ ද එම ඉණිමට විශාල සාධාරණයක් කළේය.ලකුණු 150 ලබා ගැනීම ගැන ද විශ්වාසයෙන් තොරව සිටි බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් නව වන කඩුල්ලට ශොරිෆුල් ඉස්ලාම් සහ කාලීඩ් අහමඩ් ඇති කළ ලකුණු 40 ක සබඳතාවය නොවුණා නම්,ශ්‍රී ලංකාව දැනට ලබා තිබෙන 119 ද මේ වන විට බංගලාදේශයට විශාල තර්ජනයක් වන්නට තිබිණ.
කෙසේ වුවත් දෙපිළේ පන්දු යවන්නන් වෙත ජයග්‍රහණයේ වැඩි ගෞරවයන් අත්වන විදිහට ක්‍රියාත්මක වෙමින් පවතින මේ තරගය, කාලගුණයෙන් වරදක් නොවුණහොත් දින පහක් යන්නට පෙර නිම වනු ඇත.එය සමහර විට අදම ද විය හැකිය.දෙපිළටම විවෘතව ඇති තරගය ශ්‍රී ලංකාව දෙසට නම්මා ගැනීමට වැඩිම වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණියට ය.
ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.


https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-1st-test-1419830/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...