ශ්‍රී ලයන්ස් සහ රාජ්‍ය සේවා පෙරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 24, කොළඹ (LNW): එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි ක්‍රීඩා සහ ප්‍රජා සත්කාර සඳහා වෙන්වුණු ආයතනයක් වන ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවට තරගකාරී සහ ගුණාත්මක අත්දැකීම් එකතු කර දීම වෙනුවෙන් කරන මැදිහත්වීමක් ලෙස ආරම්භ කළ ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක්වන ආරාධිත නෙට්බෝල් ලීග් තරගාවලියේ පළමු දිනයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ රාජ්‍ය සේවා කණ්ඩායම සමත් වුණා.


එසේම ජනසතු සේවා කණ්ඩායම ඊයේ දිනයේදී දැඩි පසුබෑමක් පෙන් වූ අතර ඔවුන් සහභාගි වූ තරගවලදී ශ්‍රී ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 86 – 12 ක් ලෙසත්,මාල දිවයින මැට්රික්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව 92 – 02 ක් ලෙසත් දැවන්ත පරාජයන් අත් වින්දා.රාජ්‍ය සේවා කණ්ඩායම කොතලාවල විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව ලකුණු 42 – 17 ක් ලෙස ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 64 – 28 ක් ලෙසයි.


ශ්‍රී ලයන්ස් කණ්ඩායම ජනසතු සේවා කණ්ඩායමට දැවන්ත පරාජයක් අත් කර දීමෙන් නොනැවතී මාල දිවයින මැට්රික්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 57 – 44 ක් ලෙස ජය ගන්නටත් සමත් වුණා.කොතලාවල විශ්ව විද්‍යාල කණ්ඩායම ඊයේ දවසේ එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජය වුණා.ඔවුන් අතින් පරාජයට පත් වුණේ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමයි.එහි ලකුණු තත්ත්වය 46 – 31 ක් ලෙස සටහන් වුණා.


උදෑසන ශාන්ත ජෝෂප් ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී තරගාවලිය ආරම්භ වන විට එයට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලනයේ සභාපතිණිය වන ලක්ෂ්මි වික්ටෝරියා ද එක්ව සිටියා.එය රටේ නෙට්බෝල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට සහ තරගකාරි මට්ටමෙන් සහ ආකර්ශණීය මට්ටමෙන් දියුණු කිරීමට ගන්න උත්සාහයක දී අදාළ ක්‍රීඩා පරිපාලනයේ ප්‍රධානීන් විසින් ලබා දිය යුතු ආශිර්වාදය ලබා දීමක් ලෙස හැඳින්විය හැකියි.ඒ ආශිර්වාදයට මේ තරගාවලියට ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් ද එක් කිරිමට පියවර ගෙන තිබුණේ නම් එය එම ක්‍රීඩිකාවන්ට ද ආශිර්වාදයක් වන්නට තිබිණ.


මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ තරගාවලියේ ආරම්භය සටහන් වූ අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන...

අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ….

එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර්...

ඊශ්‍රායලයේ දෝහා ප්‍රහාරයෙන් පසු කටාර්හි අරාබි-ඉස්ලාමීය සමුළුව සඳහා නායකයින් රැස්වෙති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ දෝහා...

මෙරට ජනතාවට එල්ළවන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : ඉදිරියේ දී මෙරට...