Wednesday, March 22, 2023
spot_img

Latest Posts

ගෑස් පෝලිම්වලට දින 10කින් විසඳුම්!

ඉදිරි දින 10ක කාලය තුළ ගෑස් සිලින්ඩර මිලියනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව දැනට වෙළෙඳපොලේ පවතින ගෑස් හිඟය පහව යනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසයි.

මේ වන විට ලිට්‍රෝ සමාගමට අඛණ්ඩව ගෑස් සැපයුම් සිදු කෙරෙන බවත් හෙට දිනයේ සහ සඳුදා දිනයේ ගෑස් තොග රැගත් තවත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ජයසිංහ මහතා සඳහන් කරයි.

එම ගෑස් තොග ලැබීමත් සමග ඉදිරි දින 10ක කාලය තුළ දී ගෑස් සිලින්ඩර මිලියනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු කියා සිටින්නේ.

සාමාන්‍යයෙන් මෙරට දෛනික අවශ්‍යතාව සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර අසූ දහසත්,ලක්ෂයත් අතර ප්‍රමාණයක් නිකුත් කළ යුතුව ඇති නමුත් වරින් වර ලිට්‍රෝ සමාගමට අවශ්‍ය ගෑස් තොග නො ලැබීම හේතුවෙන් මෙම සැපයීම් අඛණ්ඩ ව සිදු කිරීමට නොහැකිවී තිබුණි.

එමෙන්ම පවතින ඩොලර් හිඟය නිසා ලාෆ් ගෑස් ද න්නිසි පරිදි වෙළෙඳපොළට නිකුත් කිරීමට එම සමාගමටද තවදුරටත් හැකියාවක් ලැබී නැත.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.