අයවැය අවසන් කතාව කියමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමගි ජන බලවේගයට චෝදනා කළ බවත් ඔහු දේශපාලනඥයන් පිල් මාරු කරන සංස්කෘතිය නැති කළ බව පැවසූවත් එතුමාගේ පක්ෂයේ අයත් ඒ දවස්වල පිල් මාරු කළ බවත් එදා වාසිතකා පිල් මාරු කරලා දැන් සමගි ජන බලවේගයට චෝදනා කරන බවත් කවුරු මොන බලපෑම් සිදු කළත් සමගි ජන බලවේගය කිසිදු පිල් මාරුවකට සූදානම් නැති බවත් මුදල් වරදාන වරප්‍රසාද ලබා දී බල්ටි කාරයෝ රකින් සංස්කෘතිය අවසන් කළේ සමගි ජන බලවේගය ආරම්භ වීමෙන් පසුව බවත් එම නිසා ලොකුම බල්ටි කාරයෝ ිහිටපු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙ නායකයාගෙන් සමගි ජන බලවේගයට උපදෙස් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එසේම තීන්දු තීරණ ගන්න බය වෙන්න එපා කියා වත්මන් ජනාධිපතිවරයා කියන බවත් එතුමා ජනාධිපතිවරණය පුරාවටම අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරනවා කිව්වත් අද රනිල් වික්‍රමසිංහ අත්සන් කළ ගිවිසුමේම ඔහුත් එල්ලී සිටින බවත් මැතිවරණ වේදිකාවේ එවක ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වෙලා ජනාධිපතිකම් රාජ්‍ය බලය ලබා ගත් පසු හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම එතුමාම යන බවත් ඔහු එසේ කටයුතු කළත් ජනතාව රැවටීමට තමා බිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කෝ උපාධිධාරින්ට දෙනවා කිව්ව රැකියා
35000ක් උපාධිධාරින්ට රැකියා දෙන බව පැවසුවත් අද රැකියා විරහිත උපාධිධාරින් මහපාරේ බවත් අද උපාධිධාරින්ට පහර දෙන තැනට රජය පත්ව ඇති බවත් එවැනි තීන්දු සමගි ජන බලවේගය නොගන්නා බවත් විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් තවම එය කළ නොහැකි වි ඇති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
අයවැය කාලේ රජය දැම්මේ හොඳ හොඳ ඩීල්
ආණ්ඩුවේ ඩීල් ගිවිසුම් නෑ කියා ජනාධිපතිවරයා කිව්වත් අයවැයට විරුද්ධව ඡන්දය දීමෙන් වැළකුණු අයට මේ රජය විමධ්‍යගත මුදල් ලබා දී ඇති බවත් අයවැයට පක්ෂව විපක්ෂයේ සිට ඡන්දය දුන් අයට පවා විමධ්‍යගත මුදල් ලබා දී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේවා දේශපාලන පගා බවත් මේවත් දේශපාලන ඩීල් බවත් ඊයේ ඡන්දය ලබා දුන් කණ්ඩායම් දෙස බලන විට එය පෙනී යන බවත් අවධාරණය කළේය.
අපි තාම අවුරුදු 5ක් වයසැති පක්ෂයක්
සමගි ජන බලවේගයට තවම වසර 5ක් බවත් මේ කාලයේ මහමැතිවරණ දෙකකට සහ ජනාධිපතිවරණ 1කට දුරකථන ලාංඡනයෙන් ඉදිරිපත් වූ බවත් මේ සෑම මැතිවරණයකටම ඉදිරිපත් වූයේ පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රීවරුන් නොමැති බවත් එම නිසා මේ මැතිවරණය බිම් මට්ටමේ පොදුජනතාවට සමීපතම මහජන නියෝජිතයා හෝ නියෝජිතවරිය බිහිකරණ මැතිවරණය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ මාවත මැද මාවතයි
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ මැද මාවත බවත් අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික පක්ෂයක් නොවන බවත් සමගි ජන බලවේගය මැද මාවතේ ගමන් කරන මානුෂීය ධනවාදය කේන්ද්‍ර කර ගත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් ධනවාදයේත් සමාජවාදයේත් අඩුපාඩුකම් ඇති නිසා ඒ දෙකට මැද මාවතක ගමන් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කැපකිරීම් සිදු කිරිමට වූයේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට බවත් ඔවුන් බැංකු පද්ධතිය බේරා වැඩ කරන ජනතාවගේ කරපිට සියලු බර පැටවූ බවත් රට බංකොලොත් වූ අවස්ථාවේ කැපකිරීම් කළේ වැඩ කරන ජනතාව බවත් පසුගිය රජය එය කරද්දි එයට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය සතුව ගජමිතුරු ධනවාදය නොමැති බවත් ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙනී සිටින සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.
