සුදත්තලා දළදා ප්‍රදර්ශනය අස්සේ සල්ලි ගරන වෑයමක. මාළිගාවෙන් විශේෂ නිවේදනයක් !

අප්‍රේල් 18 – 27 අතර පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් සැපයීමට බව කියමින් මුදල් ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ජාල හරහා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය යූටියුබ් නාලිකා හිමිකරුවකු මෙන්ම වත්මන් රජය බලයට ගෙන ඒම උදෙසා ප්‍රබල මැදිහත් වීමක් සිදුකළ ප්‍රචාරකයකු වන රංගන ශිල්පී සුදත්ත තිලකසිරි ඇතුළු පිරිසක් විසින් මෙම ව්‍යාපාරය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකර ඇති අතර ඊට මුදල් එකතු කිරීම සඳහා සුදත්ත තිලකසිරිගේ නම සඳහන් බැංකු ගිණුමක අංකයක් ද සඳහන් කර ඇත.

මෙම ගිණුම් අංකය පිළිබඳ විමසීමේදී මෙසේ මුදල් එකතු කළ අය දී ඇත්තේ මෙවන් පිළිතුරකි.

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අවධාරණය කර ඇත්තේ මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත් දළදා ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව සහ රජය විසින් සපයන බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...