*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

රටේ රගර්වල ස්වාධීනත්වය කෙළෙසෙන හැටි…

නිශ්මං රණසිංහ

කොළඹ 24 LNW :

ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීනත්වය නොවන්නට මේ වන විට ශ්‍රී ලංකාවට රගර් ක්‍රීඩාවක් නැති තරම්ය.නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන සමයේ එය හකුළුවා දැමුවේය.ඒ ඊට පෙර උපදේශක කමිටුවක් පත් කර එය පලදායක නොවුණු තැනය.උපදේශක කමිටුවට පත් කළේ ඔහුත්,සිය සහෝදරයන් දෙදෙනාත් සමඟ එමෝරි වකවුලාගි, ජෝසප් ඩන් සහ අපිසායි නකලිවා යන විදේශ ක්‍රීඩකයන් ද ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පවුම් 50000 ක දඩයක් පැනවීම ප්‍රසිද්ධ කාරණයක්.මේ තත්ත්වය ඇති කළ රග්බි සභාපතිවරයා ගැන තිබුණ අප්‍රසාදය නිසා තිබෙන ව්‍යවස්ථාවෙන් ඔහුට ආයෙ ලංකාවෙ රගර් සමඟ සම්බන්ධ වෙන්න ඉඩක් නැති බව පැහැදිළි වුණ නිසා නාමල් රාජපක්ෂ ඇමතිවරයා උපදේශක සභාවෙ සභාපති හැටියට ඔහුව යෝජනා කරන්න කෘතවේදී වෙනවා.

නාමල් රාජපක්ෂ ඇයි කෘතවේදී වෙන්නෙ?
විදේශිකයින් ලාංකිකයන් ලෙස යොදවා ක්‍රීඩා කිරීමෙන් අත් කර ගන්නා ජයග්‍රහණවල කීර්තිය පෙරළා එන්නෙ රාජපක්ෂවරුන්ට නිසයි.හිටපු සභාපතිවරයා ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සඳහා බැඳුණ පුද්ගලයායි.ඒ වෙනුවෙන් කප පවතින තුරු රගර් හී හදාගත් අපකීර්තිමත් නම ඉවත් කර දීමේ ප්‍රති උපකාරය වෙනුවෙන් නාමල් අමාත්‍යවරයා මැදිහත් වුණේ ඒ ආකාරයටයි.

නාමල් රාජපක්ෂ අමාත්‍ය ධූරයට එන විට ආසියානු සභාපතිවරයා සිටියේ ශ්‍රී ලංකාව සමඟ බිඳුණු සිත් ඇතිවයි.ඒ ඔහුට නිලවරණයේදී ශ්‍රී ලංකාවේ ඡන්දය නොවැටුණු නිසයි.ඔහුගේ ප්‍රතිවාදියාට ඡන්දය භාවිතා කළේ ශ්‍රී ලංකාවේ එවකට සභාපති වූ ලසිත ගුණරත්නයි.පවුම් 50000 දඩය නියම වූ කාලයට වගකිව යුතු සභාපතිවරයා වූ අසංග සෙනවිරත්න සහ නාමල්ගේ ඇමති පදවිය සමයේ සභාපති පදවියේ සිටි රිස්ලි ඉල්ලියාස් දෙදෙනා ඒ මොහොතේ වත්මන් ආසියානු සභාපතිට ඡන්දය දීම වැදගත් බව ඒ වන විටත් ශ්‍රී ලංකාවේ රගර්වලට ඔහු විසින් කර තිබුණ උපකාර සළකා ප්‍රකාශ කර තිබුණත් සභාපති වශයෙන් ලසිත ඡන්දය භාවිතා කළේ ඔහුගේ ප්‍රතිවාදි ජපන් අපේක්ෂකයාටයි.

මේ ආරවුල විසඳීමට වඩා ආසියානු මට්ටමෙන් සමීප වීමේ වැදගත්කම මත අසංග මිත්‍රශීලීව ආසියානු සභාපතිවරයාව දිනා සිටි අතර ඊට අමාත්‍ය නාමල් ද සම්බන්ධ කර ගෙන උපදේශක කමිටු පත් කිරීම,ශ්‍රී ලංකාවේ අනුග්‍රාහකයන් ආසියානු සභාපතිගේ ක්‍රියාවන්ට සම්බන්ධ කිරීම වැනි ක්‍රියාවන් සිඳුවන්නේ ඒ ආකාරයටයි.ඒ තත්ත්වය මත ආසියානු සභාපති ක්‍රීඩා ඇමතිවරයා සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ රගර් පිළිබඳ තීරණ ගැනීමට යාම එවකට සිටි සභාපති වූ රිස්ලි ඉල්ලියාස්ගේ විවේචනයට බඳුන් වන අතර පෞද්ගලික පණිවිඩයක් මඟීන් රගර් බසින්ම ආසියානු සභාපතිවරයාට බැන වැදීමක් ද කර තිබෙනවා.

දැන් වරදක් හැටියට වත්මන් අමාත්‍යවරයා ළඟ ද ඉතුරුව ඇත්තේ ශ්‍රි ලංකාවේ රගර් පරිපාලනයට බාධා සහ බලපෑම් කළ ආසියානු සභාපතිගේ නොමනා හැසිරීමට පෞද්ගලිකව පරිභව කළ ඉල්ලියාස්ගේ වරද පමණයි.මේ වන විට නාමල් රාජපක්ෂ ද,පසුව මලික් සමරවික්‍රම ද විශ්වාස කරන ‘ඒ‘ පංතියේ ක්‍රිඩා සමාජ හරහා රගර් ප්‍රභූ පැළන්තියේ ආස්වාදය උදෙසා පාලනය කිරීම දක්වා තල්ලු කර දෙන්නට ජාත්‍යන්තර ආශිර්වාදය වැරදි විදිහට කියවා ගනිමින් වත්මන් අමාතවරයා දැඬි උත්සාහයක යෙදෙයි.ඒ වෙනුවෙන් අධිකරණය ලබා දුන් තීරණය පවා නොසළකා ඡන්දය පැවත්වීම අත ළඟට පැමිණ තිබියදී,අධිකරණය විසින් යෝජනා කර තිබූ පරිදි ඡන්දය පැවත්වීම සඳහා ක්‍රියාත්මක වූ නිලවරණ කමිටුව ගත් තීරණ ද හකුළා,ආසියානු සභාපතිගේ එක ලිපියකට මුළු නිලවරණයම හකුළා දැමීමට කටයුතු කළේය.ලංකාවේ අධිකරණ තීරණ සහ යෝජනා ශත පහකට මායිම් නොකරමින් රජයේ නිලධාරියෙක් හැටියට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත් තීරණය මතම ක්‍රීඩා ඇමතිවරයා ද යැපෙන බව දැන් දැන් ඔහුගේ කතාවලින් ද පැහැදිළි වන්නේය.

මෙම පවුම් 50000 දඩයට අදාළ සිඳුවීම ලෝකයට හෙළිදරව් වන්නේ එමෝරි වකවුලාගි ශ්‍රී ලංකා ජර්සිය පැළඳ ක්‍රීඩා කිරීමෙන් ඉනික්බිතිව නැවත ෆීජී සඳහා ක්‍රීඩා කර බව හඳුනා ගන්නට ලැබීමෙන් ඉනික්බිතිවය.මේ සිඳුවීම මුහුණ දෙන රගර් පරිපාලනයේ අසංග සෙනෙවිරත්න (සභාපති), නලින් ද සිල්වා (ලේකම්), ලසිත ගුණරත්න (උප සභාපති), විධායක අධ්‍යක්ෂ ලෙස රොහාන් ගුණරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත ඒකනායක සිටි බවට සාක්ෂි ද වර්ථමාන අමාත්‍යවරයා අත තිබෙන බව සහතිකය.

වත්මන් ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ නාමල් රාජපක්ෂට දේශපාලන වශයෙන් පහරදීමට පාර්ලිමේන්තුව තුළ මෙම උදාහරණ භාවිතයට ගනු විනා මෙම සිඳුවීමට වගකිව යුතු පරිපාලනයට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගයක් නැත.නලින්ද සිල්වා දැනටත් වගකීම්වලින් පුදන්නේය.හරීන් ප්‍රනාන්දු නිලවරණය නොපැවත්වීම නිසා විසුරුවන ලද පරිපාලනයේ මුල් පුටුවේ අසුන්ගෙන සිටි නලීන්,විසුරුවාලීමෙන් පසුව අධ්‍යක්ෂ ජෙනරාල් සමඟ රගර් පරිපාලනයට පැමිණුනා පමණක් නොව ආසියාවේ සහ ප්‍රභූ පැළන්තියේ උවමනාවට රගර් හැසිරවීමේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ආසියානු රගර් වගකීමකට පත් කර ඇත.ඔහු හා අසංග දෙදෙනාම පත් කිරීම ආසියානු රටවල්වල ඡන්ද බලයෙන් හිමි නොවුණු ආසියානු සභාපතිගේ ආශිර්වාදය හිමි වූ ඒවා බව ද දැන සිටීම වැදගත්ය.

වැදගත්ම දේ එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත ඒකනායක වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වීමය.අද වන විට ක්‍රීඩා අමාත්‍යවරයා රගර් පවුම් 50000 දඩය ගැන පාර්ලිමේන්තුවේ කතා කළාට ඊට වගකිව යුතු ප්‍රධාන විධායක නිලධාරියාගෙන් සමස්ත ක්‍රීඩාවම නඟා සිටුවිම සම්බන්ධයෙන් උපදෙස් ගනිමින් සිටින්නේය.

මේ දක්වා මේ සිඳුවීම සම්බන්ධයෙන් නිලධාරීන්ට වරප්‍රසාද පිරිනැමීම හැරෙන්නට දඬුවම් කිරීම සම්බන්ධයෙන් කිසිම තීරණයක් වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ද ගෙන නැත.එපමණක් නොව ව්‍යවස්ථාව වෙනස් කරන්නට කරන බලපෑම පිටුපස තිබෙන අශුද්ධ සංධානයේම කොටස් කරුවන් ලෙස ජාත්‍යන්තරය වැඩ කරන බවට එල්ල වන චෝදනාවලට ඇහුං කං දෙමින් සහ දැන් ‘ඒ‘ ක්‍රිඩා සමාජවලට බලයක් නැති බව කියන බොරුව මතම යැපෙනු විනා ඔවුන්ගේ ශුද්ධ වූ සාමාජිකයන්ට එහි බලය තහවුරු කර ගැනීමට ඇති හැකියාව සහ ඉඩ නොසළකා හරිමින් කටයුතු කරමින් සිටින්නේය.ප්‍රාදේශිය වශයෙන් රගර් ව්‍යාප්තියට බලය ඇති සංවිධානාත්මක ව්‍යහුය හකුළා පසෙකට දමා රගර් හී ක්‍රියාකාරකම් පටු කරන්නේය.

මේ කිසිවක් ක්‍රිඩා අමාත්‍යවරයා අසන්නේ නැත.නාමල්ට පාර්ලිමේන්තුවේ ශබ්දය දමා,නාමල්ට නොහැකි වූ බලය ඔහුගේ කණ්ඩායමට ව්‍යවස්ථානූකූලව අත්පත් කර දීමේ සටනේ පෙරමුණ ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ය.රටේ ක්‍රීඩා සංගමයක ස්වාධීනත්වයට එරෙහිව ක්‍රියා කිරීම නුසුදුසු බවත්,ආසියානු සංගමය ඒ ආකාරයට රටේ ක්‍රීඩා ඇමතිවරයා සමඟ එක් වි ශ්‍රී ලංකාවේ රගර්වලට බලපෑම් ඇති කළ බවට චෝදනා ඇති බවත් කියා,ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ රගර් හී පවතින ව්‍යස්ථාව අනුව පත්වන නිල මඬුල්ල සමග අවශ්‍යය කරන සංශෝධන සාකච්ඡාවට ගන්නා ලෙස කියන්නට දිව නැමෙන්නේ නැත.

නාමල්ට බැන්නාට නාමල්ටවත් බැරි වුණ දේ ඔහුගේ කණ්ඩායමට පංතියට ඉටු කර දීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් පෙනී සිටින්නට ක්‍රීඩා අමාත්‍යවරයා නොමඟ යවන්නට ඔහු විශ්වාසයට ගන්නා රගර්මය සංස්කෘතියත්,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරි කණ්ඩායමටත් හැකි වී ඇත.නීතිමය වශයෙන් සාධාරණය ඉටු නොවුණහොත් ගාල්ලේ ඕල්කට් එකෙන්වත්,තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන්වත්,රගර් ගොඩ නැඟුණු වතු ආශ්‍රිත ඉතිහාසය හරහා හැටන් ශ්‍රී පාද විද්‍යාලයෙන්වත් රගර් බිහිවන පාර වැසෙනු ඇත.

පීඩිතයාට අහිමි වූ දේ අත්පත් කර දීමේ දේශපාලන සටන් පාඨ සමඟ බලයට පැමිණි ආණ්ඩුවක් විසින් ලංකාවේ රගර් හී අයිතිය ප්‍රභූ පැළන්තියට පැවරීම ගැන පංති දේශපාලන තීන්දු තීරණ ගැනීම අධිකරණයට අදාළ නැත.එහෙත් අධිකරණයට ඔවුන්ගේ මාර්ගොපදේශණයන් අඩුම තරමේ දැනුවත් කිරීමක්වත් නොකර අහෝසි කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකිය.නාමල් රාජපක්ෂ විසින් ඇති කරන ලද සංස්කෘතියේ හැඩය එබඳුය.රගර් ව්‍යවස්ථාවේ සහ ක්‍රියාකාරීත්වයේ ස්වාධීනත්වය ජාත්‍යන්තරයෙන් සහ ලංකාවේ දේශපාලනයෙන් ද,ඒ හා බැදුණ රාජ්‍ය නිලධාරීන්ගෙන්ද බේරා ගැනීම දිගටම සිඳුවෙමින් පවතින්නේ අධිකරණය හරහා ය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan