*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

මෙන්න කරල තියෙන හරිය:ට්‍රැක්ටර් වෙනුවට BMW සහ BENZ රථ 158 ක් ගෙනල්ලා.ලිපි ගොණුවත් නෑලු.තවත් වංචා රැසක්!

කොළඹ LNW:ව්‍යාජ ලියකියවිලි සකස් කොට ට්‍රැක්ටර් බව කියා BMW සහ BENZ රථ 158 ක ප්‍රමාණයක් රට තුළට ගෙනැවිත් තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ කෝපා කමිටුව විසින් කරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පසුගිය දා කෝපා කමිටුව හමුවට කැදවා තිබුණි.

කෝපා කමිටුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ට්‍රැක්ටර් ලෙස හගවමින් රට තුළට ගෙන්වා තිබෙන බීඑම්ඩබ් සහ බෙන්ස් රථ ලියාපදිංචි කිරීමට අදාල විස්තර තමන්ට ලබා දෙන ලෙසයි. නමුත් මේ දක්වා ඒ කිසිදු විස්තරයක් කෝපා කමිටුවට ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කටයුතු කර නැති බව සඳහන්.

එම නිලධාරීන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අදාළ ලිපිගොණු අස්ථාන ගත වී ඇති බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් කොමසාරිස් ජනරාල් පත් වීමට පෙර සිටි කොමසාරිස් ජනරාල්වරයා විසින් එම වංචාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණු නමුත් ඔහුට වැඩි කාලයක් එම ධූරය දැරීමට අවස්ථාව ලැබී තිබුණේ නැත. කෙසේවෙතත් ඔහුව ඉවත් කිරීමට පෙර අදාල වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවද දැක්වෙයි.

කෙසේවෙතත් කෝපා කමිටුවේදී අදාළ විමර්ශනය සදහා සහාය ලැබෙන බවක් පෙනෙන්නට නොතිබුණ අතර ඇතැම් නිලධාරීන් සංවේදී වන බවක් නම් පෙනෙන්නට තිබුණි.

මේ අතර විගණකාධිපති වාර්තාව හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ රැසක් අනාවරණය වී තිබුණි.

අඩු ආදායමක් යටතේ වාහන ලියා පදිංචි කිරීම නිසා රජයට මිලියන 78.15ක අලාභයක් සිදුව ඇති අතර චැසි අංක සහ එන්ජින් අංක වෙනස්කර වංචනිකව ආනයනය කරන ලද වාහන එන්ජින් හා චැසි අංක ඇතුළත් කර වංචනිකව මෝටර් වාහන ලියාපදිංචිය නිකුත් කිරීම මඟින් රජයට බිලියන 1.2ක් අහිමි වී තිබෙන බවද අනාවරණය වී තිබේ.

භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමෙන් මිලියන 6.2ක් රජයට අහිමි වී ඇත. අවලංගු කරන ලද විදේශීය රාජ තාන්ත්‍රික වාහන සඳහා වෙනත් වාහන අංක ලියාපදිංචි කිරීමෙන් රජයට අහිමි වී තිබෙන බදු ආදායම මිලියන 112ක් ලෙසද විගණනයෙන් හෙළිවී ඇත. මෝටර් රථයක් සංචිත කරන මුවාවෙන් අනීතිකව ආනයනය කරන ලද වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වාහන 538ක චැසි අංක වෙනස් කිරීමටද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී කටයුතු කර තිබෙන බවයි විගණකාධිපතිවරයා කෝපා කමිටුව හමුවේ පැවසුවේ.

2022 වසරේදී පෙට්‍රල් වාහනයක් ඩීසල් වාහනයක් බවට පරිවර්තනය කිරීමේදී අනීතිකව ආනයනය කරන ලද වාහන 27ක චැසි අංක වෙනස් කර තිබෙන බවද අනාවරණය වී ඇත. එමෙන්ම පෙට්‍රල් වහනයක් ඩිසල් වාහනයක බවට පරිවර්තනය කළ වාහන 130ක පැරණි වාහන අංක පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. වාහන තුනක් කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන්ද ආයතන ලෙස විධිමත් පරීක්ෂණයක් සිදුකර නැත. මේ අතර 2019 සිට 2023 දක්වා වේරහැර ආපනශාලාව කුලියට දීම නිසා රජයට අයවිය යුතු බදු මුදල වන රු මිලියන 6.6ක් රජයට අහිමි වී ඇති බවද සඳහන්.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේ සිදුකර තිබෙන වංචනික ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සුදුසු නිර්දේශයක් ලබා දෙන ලෙසද විගණකාධිපතිවරයා කෝපා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan