රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවය බදවා ගැනීමේ තරඟ විභාගය නොපැවැත්වෙයි

Date:

පිටපත – රෂිකා හෙන්නායක

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ , හෙට දිනයේ ( 25) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවය බදවා ගැනීමේ තරඟ විභාගය නොපැවැත්වෙන බවයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත හෙට දිනයේ විභාගය නොපවත්වන බවයි.ඉදිරියේදී ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත විභාගය නැවත පැවැත්වෙන දිනය ප්‍රසිද්ධ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වයා පැවසුවේ.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංගීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා මෙම විභාගය පැවැත්වීමසට නියමිතව තිබුණා. කෙසේවෙතත් හෙට දිනයේ පැවැත්වීමට නියමිත විභාගය වෙනුවෙන් උපාධිධාරීන් බොහෝ පිරිසක් සූදානමින් සිටියහ.

පසුගිය දා අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය ද හදිසියේ විසුරුවා හැරුණු අතර , ගුරුවරුන් 12,500කගේ පමණ සියළු මාරුවීම් අහොසි කරමින්. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අභියාචනා ඉදිරිපත් කර ඇති ගුරුවරුන් හැර සෙසු ගුරුවරුන්ගේ ස්ථාන මාරු එලෙසම ක්‍රියාත්මක කරන බවයි. මේ අතර 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අදින් අවසන් වන අතර 2023 වසරේ පළමු පාසල් වාරය ලබන 27 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...