මිනිපේ ගොවියන්ගේ නෙළන ලද අස්වනු සඳහා අමතර ආරක්ෂාවක්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මාර්තු 25, මහනුවර (LNW): මිනිපේ වාරි ව්‍යාපාරයේ ගොවියන් විසින් නෙළන ලද අස්වනු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් වන ජීවී දෙපාර්තමේන්තුව මගින් යොදා තිබේ.

මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ කොට ඇති අතර එම ඵලදාව වන අලියන්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා මෙම වැඩසටහන යොදා ඇතැයි වන ජීවි දෙපාර්තමේන්තුවේ වන සත්ව හා අඩවි ආරක්ෂක වන නිලධාරී ඩබ්.ඒ.මහින්ද මහතා පැවසීය.

මිනිපේ වාරි ව්‍යාපාරය ආවරණය වන පරිදි කිලෝමීටර් 73ක් ආවරණය වන පරිදි අලි වැට සකස් කර ඇති බවත් අවදානම් ප්‍රදේශවල මුරකුටි 06ක් ඉදිකොට වන ජීවි නිලධාරීන් යොදවා ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති මිනිපේ කන්න රැස්වීමේදී ඒ මහතා ප්‍රකාශ කළේය.

වන අලි ඇතුලු සත්වයන්ගෙන් වගාවට සිදුව ඇති හානිය ඉකුත් වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේදි අවම වී ඇති නමුත් සතුන් පළවා හැරීම සඳහා සිය දෙපාර්තමේන්තුවෙන් අලි වෙඩි අවශ්‍ය ප්‍රමාණයට වඩා සම්පාදනය කොට ඇතැයි ද ඒ මහතා කීවේය.

වී අස්වනු නෙළීම ආරම්භ කොට ඇති බැවින් මහා වාරි ව්‍යාපාරය ආවරණය වන පරිදි මුර සංචාර දියත් කොට ඇති බවත් කී ඒ මහතා වන අලි ගම්වැදීම් වැළැක්වීමට සිය නිලධාරීන් යොදවා ඇති බවත් ප්‍රකාශ කළේය.

අස්වනු අරක්ෂා කර ගැනිම සඳහා ඉදිරි සති කිහිපය තුළදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද සත්ව හා අඩවි ආරක්ෂක වන නිලධාරී ඩබ්.ඒ.මහින්ද මහතා වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නිදහස වෙනුවෙන් එරික් සෝල්හයිම්ගෙනුත් පණිවිඩයක්!

කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම...

කොළඹ දකුණ පෙරමුණ ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...