අහස අල්ලන ලොකුලූනු මිල!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පනවන ලද මෙම තහනම අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 31 වැනිදායින් වුවත්, ඉන්දියාව ලොකු ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හරහා මෙරට ලොකුලූනු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

මෙරට වාර්ෂික ලොකුලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් පමණ වන අතර ඉන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර,ඉන්දියාව විසින් පනවන ලද මෙම තහනමත් සමග බොහෝ රටවල ලොකුලූනු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දැනටමත් මෙරට වෙළෙඳපොලේ ලොකුලූනු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 600ත් 700ත් අතර මිලකට වේ.

එළැඹෙන උත්සව සමයේදී ලොකුලූනු කිලෝවක් රුපියල් 375ත් 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වන ලෙස කටයුතු කරන බව, වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොරියාවට යනවා නම් මේ පාරෙන් යන්න!

කොළඹ LNW:''කොරියාවට යනවා නම් හරි පාරෙන් යන්න.සල්ලි ගෙවලා කෙටි...

චීනයේ ග්වැන්ෂෝ සිට පා පැදි තරගකරුවන් 20ක් මෙරටට!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : ” ශ්‍රී ලංකා...