සර්ව පාක්ෂික සමුළුවේ ප්‍රගතිය

Date:

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමට දරන වෑයම බොහෝ දෙනකුගේ පැසසුමට ලක් වී ඇත. සර්ව පාක්ෂික සමුළුව දිගටම පවත්වාගෙන යමින් එම එකඟතාව ඇති කර ගැනීම කළ හැකිය. පක්ෂ කිහිපයක් සර්වපාක්ෂික සමුළුව වර්ජනය කර ඇතත් පසුව එම පක්ෂවලට ද තම යෝජනා ඉදිරිපත් කළ හැකිය. සෑම යෝජනාවක් කෙරෙහි ම රජයේ අවධානය යොමු වන බව ජනාධිපතිවරයා කියයි. එය සාධනීය ලක්ෂණයකි. එකිනෙක දේශපාලන පක්ෂවලට ගෞරවයක් ද ඒ මඟින් හිමිවනු ඇත. සෑම දේශපාලන පක්ෂයක්ම පිළිගැනීමට ලක් කිරීම වැදගත්ය.

මේ සමුළුවේදී ඉතා වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් වී ඇති බව මාධ්‍ය වාර්තාවලින් පෙනී යයි. ආර්ථික අර්බුදය විසඳීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන පියවර ගත යුතු බව එම යෝජනාවල සඳහන්ය. ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන මිත්‍ර රටවල ආර්ථික සමුළුවක් පැවැත් විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන සඳහා ශ්‍රී ලංකා රජය උනන්දු විය යුතු බවට තවත් යෝජනාවක් ඉදිරිපත් වී ඇත. මේ යෝජනා දෙකම අතිශය වැදගත්ය. මේ මොහොතේ මිත්‍ර රටවල සහයෝගය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතී. දෙමළ ඩයස්පෝරාව සතුව විශාල මුදල් ප්‍රමාණයක් පවතී. ඒවා රටේ ආර්ථිකය නැංවීමට යොදා ගත හැකි නම්; එය හැම අතකින්ම වැඩදායකය.

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහයෝගය ගැනීම කෙරෙහි ප්‍රධාන මත දෙකක් පවතී. පළමු මතය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයකින් තොරව ආර්ථික අර්බුදය විසඳාගත නොහැකි බවය. දෙවන මතය වන්නේ එම ආයතනයේ සහයෝගය ගැනීමෙන් අර්බුදය තවත් ඔඩු දුවන බවය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ගනුදෙනු කිරීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. නිදහසින් පසු ‍බොහෝ අවස්ථාවල අප එම ආයතනයේ සහයෝගය ගෙන ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන සාර්ථක අධ්‍යයනයක් තිබේ. එම ආයතනයේ කාර්යාලයක් ද මෙහි පිහිටුවා ඇත. වැදගත් වන්නේ ජගත් ආයතන සමඟ ගිවිසුම් ගත වන ආකාරයයි. රටට හා ආර්ථිකයට වාසිදායක අයුරින් ගිවිසුම් ගත වීමට රටේ නායකයන් දැන ගත යුතුය. ඒ සඳහා විශේෂඥයන්ගේ සහාය ගැනීම ද වැදගත්ය.

සර්ව පාක්ෂික සමුළුවේ වැදගත් යෝජනා කෙටුම්පත් කොට ඒවා ආර්ථික සභාවට හා ආර්ථික සභාවේ උපදේශක මණ්ඩලයට දීමට පියවර ගත යුතුව තිබේ. ආර්ථික සභාවට උපදේශන සැපයීම සඳහා පත් කළ විශේෂඥයන් පළ කළ එක් මතයක් වූයේ විදේශ මූල්‍ය සම්පත් ගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කළ යුතු බවය. එය සාර්ථක යෝජනාවක් වන අතර එම තාක්ෂණික කමිටුව වහාම පත් කොට සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා නිරීක්ෂණය කිරීමට ඉඩ සලසා දිය යුතුව තිබේ. ආර්ථිකය පිළිබඳ තීන්දුතීරණ ගැනීමේදී විශේෂඥයන්ගේ උපදේශන ගැනීම අනිවාර්ය විය යුතුය. මෙතෙක් අපේ රටේ සිදු වී ඇත්තේ දේශපාලකයන් ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කොට ඔවුන්ම ඒවා ක්‍රියාවට නැංවීමය. ජනාධිපතිවරයා ඒ ක්‍රමය වෙනස් කරන බව පෙනෙයි.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...