ශ්‍රී ලංකාව අර්බුදයක ගිලෙමින් තිබෙනවා – ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 01 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇති බව ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පෙන්වාදෙයි.

ඉන්ධන මිල ඉහළ යාම සහ ණය ගෙවීම් සිදු කිරීම සමබර නොවීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බවයි එහි සඳහන් කර ඇත්තේ.

මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා 1884-1950 කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයට ශ්‍රී ලංකාව තුළ මුදල් මණ්ඩලයක් පිහිටවිය යුතු බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

මේ අතර මෙරට ග්‍රාමීය සංවර්ධනය,පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බවත් එම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කරන බවත් වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...