බැසිල්ගේ මල්වාන නඩුවේ සාක්ෂි විමසීම නතර කරයි. මල්වාන නඩුවෙනුත් බැසිල් නිදහස් වෙයිද?

Date:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබෙන දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් තනා රජයේ මුදල් අවභාවිත කිරීම යටතේ වන නඩුකරය සම්බන්ධයෙන් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව ගම්පහ මහාධිකරණයට අද (25) දැනුම් දී තිබේ.

අධිකරණයට කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පවසන්නේ පළමු සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර නොමැති බවත් ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් යන කරුණු පාදක කරගෙන උක්ත තීරණයට එළඹි බවයි.

ඒ අනුව ඉදිරියේදී මෙම නඩුවට අදාළව සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන අතර පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා ඇත.

අනතුරුව සිතාසි මත මහාධිකරණය හමුවේ පෙනීසිටි සාක්ෂිකරුවන් මහාධිකරණය මගින් මුදා හරිනු ලබා තිබේ.

මෙහිදී පැමිණිල්ල විසින් නඩුව අවසන් කර ඇති නිසා සිය සේවාදායකයින් චෝදනාවලින් නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥයන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව මැයි මස 13 වැනි දින ලබා දීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...