ජනාධිපති සහ TNA සාකච්ජාව: කරුණු හතරක් ගැන එකඟතාවක්! (VIDEO)

0
1210

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ කරුණු හතරක් සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වූ බවයි.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා දේශපාලන විසඳුමක් ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹීම සහ දෙමළ ඩයස්පෝරාවේ යෝජනා මෙරටට ගෙන්වාගැනීම සඳහා උතුරු නැගෙනහිර වෙත විශේෂ සංවර්ධන අරමුදලක් ඇති කිරීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමටයි එකඟ වී ඇත්තේ.

මෙහිදී දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට නම් දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබිය යුතු බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් අවසාන වශයෙන් එම සාකච්ජාව සාර්ථක නැද්ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ඔහු පැවසුවේ ඒ ගැන නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බවයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here