ජනාධිපති සහ TNA සාකච්ජාව: කරුණු හතරක් ගැන එකඟතාවක්! (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ කරුණු හතරක් සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වූ බවයි.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා දේශපාලන විසඳුමක් ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹීම සහ දෙමළ ඩයස්පෝරාවේ යෝජනා මෙරටට ගෙන්වාගැනීම සඳහා උතුරු නැගෙනහිර වෙත විශේෂ සංවර්ධන අරමුදලක් ඇති කිරීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමටයි එකඟ වී ඇත්තේ.

මෙහිදී දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට නම් දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබිය යුතු බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් අවසාන වශයෙන් එම සාකච්ජාව සාර්ථක නැද්ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ඔහු පැවසුවේ ඒ ගැන නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...