සුරංගනා කතාවකට සුරංගනා කතාවකට හිමි ෆැන්ටසිමය වටිනාකම ඒ විදියටම තියෙන්න නම් ඒක සුරංගනා කතාවක් විදියටම තියෙන්න හරින්න ඕන.. ඒ සුරංගනා කතා මහපොලොවට ගෙනත් පැලකරගන්න හැදුවොත් එතන පිස්සු විකාරයක් තමා පොලොවේ හැදෙන්නේ..
88 – 89 කාලේ අපි බිහිකරන්ට හදපු සියල් සපිරි විමුක්ති දේශයත් ඒවගේ මහපොලොවට ගේන්ට බැරි මායාවක්.. ඒක බිහිකරන්ට ගිහින් දිවි පුදපු, ගී ලියපු කවිකියපු අය වීරයෝ වෙන්නෙත් ඒක මහපොලොවේ පැලකරගන්ට යන මොහොත වෙනකම් විතරයි.. ඒක මහපොලොවේ පැලකරගන්ට ගිය ගමන් ඒක වෙනුවෙන් දිවි පුදපු ඉතිහාස වීරයන්ගෙත් රෙදි ගැලවෙනවා..මොකද මේ පිස්සුව වෙනුවෙන්ද මුන් මැරුනේ කියලා මිනිස්සුන්ට හිතෙන්ට ගන්නවා..
ඈත කාලෙක පටන්ම ලෝකය සමඟ යාවත්කාලීන නොවූ දූපතක්වීම, ඒනිසාම උරුමවූ ජන්මගත සමාජ අගතිය සහ සොබාවික සම්පත් හිග රටක්වීම යන හේතු නිසාම ලංකාව කියන්නේ පසුගාමී බිමක්.. වැරදි අඩුපාඩු සහිතව හෝ මේක ඇතුලේ ප්‍රායෝගිකව පවත්වාගෙන යන්න පුලුවන් ආර්ථික දේශපාලන ආකෘතිය තමා හිටපු දේශපාලන චරිත විසින් මෙතෙක් පවත්වාගෙන ආවේ.. ඒකේ අමුතු පුනරුද හදන්ට යනවා කියන්නෙ බෙට්ටෙන් කැඳ හදහන්ට යනවා වගේ වැඩක්.. අවසානයේ තිබ්බ ඉටි ගෙඩියත් නැතිවෙනවා..
බලය ගන්නකන් “එක හාල් ඇටයක් පිටින් ගේන්නෙ නෑ, මේක රටක් නෙමේ නිධානයක්” වගේ අභිමානවත් කතා කියකිය ඉන්ට නම් පුළුවන්, හැබැයි බලය අරන්, රටේ හාල් මදිවෙලා පිටින් හාල් ගෙන්ට ගියාම පුරවන පුරවන ඩෙන්ඩරේ ෆේල්වෙනවා..එකක් දෙකක් නෙමේ දාන දාන එක ෆේල්…
ඒකට හේතුව මුළු ජීවිත කාලයම වාම මායාලෝකවල ජීවත් උන අයට යථාර්ථයේ තියෙන ප්‍රායෝගික දක්ෂිණාංශික මහපොලොව තේරෙන්නෙ නෑ ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
