*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

අකිල ධනංජය පන්දුවෙන් දඹුල්ලට ගෙනා ගෞරවය පිතිකරුවන් වීසි කර දැමූ සතියක්

නිශ්මං රණසිංහ

කොළඹ 25, LNW :

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වනු ලබන සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තරග වලදී පූර්ණ ජය වාර්තා කරන්නට සමත් වුණේ ගාල්ල කණ්ඩායමයි.ඔවුන් දඹුල්ල කණ්ඩායම පරදා ලකුණු 145 ක ජයග්‍රහණයක් භුක්ති විඳින්නට සමත් වෙනවා.දඹුල්ල කණ්ඩායමේ අකිල ධණංජයගේ විශිෂ්ඨ පන්දු යැවීම ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට අපොහොසත් වෙමින් ඔවුන්ගේ පිතිකරුවන් තරගයේ ජය ගාල්ලට හිමිවන ආකාරයේ දුර්වල පිතිහරඹයකට යොමුවීම මෙම පරාජයට හේතුව වුණා.

දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී දෙවන ඉණිමේදී දුනිත් වෙල්ලාලගේ සහ දිලුම් සුදීර විසින් පන්දුවෙන් පෑ දස්කම මේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපානු ලැබුවා.දුනිත් ලකුණු 26 ට කඩුලු 6 ක් සහ දිලුම් ලකුණු 48 ට කඩුලු 4 ක් ලබා ගනිමින් ගාල්ලට මේ ජයග්‍රහණයට මඟ පාදා දුන්නා.

පළමු ඉණිමේදී ද ගාල්ල කණ්ඩායම රැස් කරන ලද ලකුණු 267 ආරක්ෂා කරමින් ගාල්ල පන්දු යවන්නන් දඹුල්ල ලකුණු 261 ට සිමා කරනවා.දඹුල්ල නායක ධනංජය ද සිල්වා රැස් කරන ලකුණු 106 නොවන්නට ඊටත් අඩු ලකුණු ගණනකට ඔවුන් දැවී යන්නට තිබුණා.එහිදී කැපී පෙනෙන්නේ මිලාන් රත්නායකයි.ඔහු ලකුණු 38 ට කඩුලු 4 ක් දවා ගනු ලබනවා.ඩිල්ෂාන් මධුශංක ලකුණු 64 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වෙනවා.

ඔෂධ ප්‍රනාන්දුගේ ශතකය සමඟ පළමු ඉණිමට ලකුණු 267 ක් ලබා ගත් ගාල්ල කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 83 ට දවාලන අකිල ධනංජය දෙවන ඉණිමේ ගාල්ල ලකුණු 244 ට සීමා කිරීම සඳහා ද ලකුණු 80 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් වුණා.මෙවර තරගාවලියේ පළමු වරට තරගයක කඩුලු 10 ට හිමිකම් කියූ අකිල මේ තරගයේදී ලකුණු 163 ට කඩුලු 12 ක් බිඳ දමනු ලැබුවා.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලකුණු පූවරුව ඉහළට ගෙන ඒම සඳහා පසුපෙළින් පැමිණි රොමේෂ් මෙණ්ඩිස් රැස් කරන ලද ලකුණු 56 එම ඉණිමේ පිතිකරුවෙකු ලද වැඩිම ලකුණු ප්‍රමාණය වූවා. තරගයේ ලකුණු පූවරුව → https://bit.ly/4bZIh5x

කොළඹ සහ මහනුවර අතර තරගයේදී මහනුවර ලබා ගත් ලකුණු 460 ක් වෙනුවට කොළඹ කණ්ඩායම ලකුණු 106 ට දැවී ගියත්,දෙවන ඉණිමේදී ධෛර්යවන්තව පිතිකරණයේ නියැලෙමින් කඩුලු 7 ට ලකුණු 313 ක් ලබමින් තරගය ජය පරාජයෙන් තොරව කෙළවර කර ගන්නට සමත් වුණා.එම ඉණිමට අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74 කින් සහ නායක චරිත් අසලංක ලකුණු 65 කින් දායක වුව ද වැඩිම වටිනා පරාජය බේරා ගත් කඩුලු සබඳතාවය වූවේ අටවන කඩුල්ල වෙනුවෙන් ශෙහාන් ප්‍රනාන්දු (නොදැවී 39) සහ කසුන් රාජිත (නොදැවී 16) එකතු කළ ලකුණු 55 ක නොබිදුණු සබඳතාවයයි.එය පන්දු ඕවර් 28 ක් පුරා ඔවුන් දෙදෙනා කඩුලුල ආරක්ෂා කර ගනිමින් කොළඹ කණ්ඩායමට අත්වීමට නියමිතව තිබුණු සම්පූර්ණ තරග පරාජයක් පළමු ඉණිමේ පරාජයක් බවට පමණක් පත් කරනු ලැබුවා.
තරගාවලියේ පළමු සතියේත් හොඳින් ලකුණු අතර සිටි කමිල් මිශාර මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු ඉණිමේදී ලකුණු 172 ක් රැස් කළ අතර දෙවන ඉණිමේදී කඩුලු 3 ට ලකුණු 244 ක් රැස් කරද්දි නුවනිදු ප්‍රනාන්දු නොදැවී ලකුණු 100 ක් රැස් කරන්නට සමත් වුණා.
තරගයේ ලකුණු පූවරුවට → https://bit.ly/4hIEVoM

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan