මොළයේ ස්නායු විකෘතිතා රෝග පිළිබඳ නිවැරදි විනිශ්චයන් සොයා යන විද්‍යාඥයින්!

Date:

සටහන – පුලී
මාර්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 විද්‍යාඥයින් විසින් අපගේ හිස් කබල කපා බැලීමකින් තොරව මොළයේ වයස සහ සෞඛ්‍යය නිවැරදිව මැනීම සඳහා නවීන තාක්ෂණය ඔස්සේ ක්‍රම පිරිපහදු කරමින් සිටී.

මෙවැනි තත්ත්වයක ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා, බහු ස්ක්ලේරෝසිස් සහ පාකින්සන් රෝගය ඇතුළු ආබාධ හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා මොළයේ සෞඛ්‍යය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය කර්ටිස් ජොන්සන් දශකයකට වැඩි කාලයක් එම අධ්‍යයනයේ නියැලී සිටින අතර, මොළයේ තද බව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මොළයේ යාන්ත්‍රික ගුණාංග සිතියම්ගත කිරීමට සහ මැනීමට (MRE) තාක්ෂණය භාවිතා කිරීමට පෙළඹීය. ඔහු නිර්මාණය කළ MRE තාක්‍ෂණය චුම්භක අනුනාද රූප භාවිතයෙන් ස්කෑන් කරන අතරතුර කෙනෙකුගේ හිස මෘදු ලෙස කම්පනය කරනු ඇත.

මොළයේ තද බව මොළයේ සෞඛ්‍යයේ වැදගත් දර්ශකයකි. නිරෝගී මොළයේ විවිධ ප්‍රදේශවල මොළයේ තද බව දැන ගැනීම වැදගත් වේ, මන්ද මොළය අප වයසට යන විට හෝ ස්නායු පරිහානීය රෝග අත්විඳින විට මෘදු වන හෙයිනි.

මේ වනවිට ජොන්සන් සහ ඔහුගේ යාන්ත්‍රික ස්නායු ප්‍රතිරූපණ විද්‍යාගාරය මොළයේ තද බව පිළිබඳ අතිවිශාල දත්ත ප්‍රමාණයක් රැස් කර ඇති අතර, දැන් විදුලි හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ඔස්ටින් බ්‍රොක්මියර් සමඟ සහයෝගී පර්යේෂණයක නියැලෙමින්, නව තොරතුරු අනාවරණය කර ගනිමින් සිටුනු ඇතැයි වාර්තා වේ.

ප්‍රථම වතාවට, ජොන්සන් සහ බ්‍රොක්මියර්, වත්මන් සහ හිටපු ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු සමඟ එක්ව, කෘත්‍රිම බුද්ධිය සහ MRE ශිල්පීය ක්‍රම ඒකාබද්ධ කිරීම නිරෝගී මොළයේ වයස පුරෝකථනය කිරීමට හැකි ක්‍රමයක් බවත්, සාමාන්‍ය වයසට යාමේ ක්‍රියාවලියෙන් බැහැරවීමක් පෙන්නුම් කරන ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගැනීමට එය භාවිතා කළ හැකි බවත් පෙන්වා දී තිබේ

මෑත කාලීන සොයාගැනීම් වලදී, ජොන්සන් සහ බ්‍රොක්මියර් පෙන්වා දෙන්නේ මොළයේ තද බව සහ මොළයේ පරිමාව යන දෙකම මැනීම මගින් වයස පිළිබඳ වඩාත් නිවැරදි අනාවැකි ලබාදිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...