නිදහස් මාධ්‍යකරණයටත් පතබෑවෙන ඊශ්‍රායල ප්‍රහාර; මාධ්‍යවේදීන්ගේ මරණ සංඛ්‍යාව නැවතත් අලුත් වෙයි!

Date:

සටහන – පුලී
මාර්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය මාධ්‍යවේදීන් අතුරින් තවත් පලස්තීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ, 2023 ඔක්තෝබර් මාසයේ සිට මාධ්‍ය වෘත්තිකයන් අතර සමස්ත මරණ සංඛ්‍යාව 208 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

කටාර්හි අල් ජසීරා මුබාෂර් නාලිකාවේ වාර්තාකරුවෙකු වන හොසාම් ෂබාත් උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බව ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය පැවසීය.

පලස්තීන ටුඩේ රූපවාහිනියේ වාර්තාකරුවෙකු වන මොහොමඩ් මන්සූර් ද දකුණු ඛාන් යුනිස් නගරයේ ඔහුගේ මහල් නිවාසයට එල්ල වූ තවත් ගුවන් ප්‍රහාරයකින් මිය ගියේය. ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ සහ දරුවා ද මිය ගිය බව සඳහන්.

මාධ්‍ය කාර්යාලය විසින් ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු ඔවුන්ගේ සහචරයින් මෙම ම්ලේච්ඡ අපරාධයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව පවසා සිටී.

සිදුවෙමින් පවතින මෙම ජන සංහාරය නැවැත්වීමට සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට ආරක්ෂාව සහතික කිරීමට අදාළ කටයුතු ප්‍රසම්පාදනය කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට සහ අදාළ ආයතන වලට පලස්තීනයෙන් ආයාචනාවන් සිදු කරනු ඇත.

https://www.facebook.com/share/r/1L9xNsSbeq/?mibextid=wwXIfr


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : පොළොන්නරුවට ඇදහැලෙන අධික...

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...