*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිගේ සියලු දේපළ තහනම් කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

කිරි ගවයින් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා වරෙන්තු නිකුත් වී තිබියදී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ සියලු දේපළ තහනම් කිරීමට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගත් කිරි ගවයින් 20 දෙනෙකු 2024 සැප්තැම්බර් 23 වනදා එවකට වැලිකන්ද පොලීසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආර්. එම්. රත්නායක විසින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර අධිකරණය එදින නියෝග කර තිබුණේ එම කිරි ගවයින් 20 දෙනා රජයේ සත්ව ගොවිපලකට භාරදෙන ලෙස ය.

එහෙත් එම කිරි ගවයින් නැවත ජාවාරම්කරුවන්ටම භාරදීමට එම ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවට පසුව අධිකරණයට නිර්නාමික ලිපියක් ලැබී ඇති අතර ඒ අනුව විමර්ශනයක් සිදුකරන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

සිද්ධියට අදාළ සෙසු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් එහි ප්‍රධාන සැකකරු වන වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇති අතර ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා පසුගිය 11 වනදා වරෙන්තු නිකුත් කර තිබිණි. මේ වනවිට පූජාපිටිය පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි ඔහු අසනීප නිවාඩු දමා ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී ඇති බව සඳහන්.

අද (25) දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.

ඒ අනුව, ඔහුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාරගැනීමට නියෝග කෙරුණු අතර ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට ද නියම කෙරුණි.

වරෙන්තුකාර පොලිස් පරීක්ෂක ආර්. එම්. රත්නායකගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණු අතර, අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නැවතත් නියෝග කරන ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan