ස්විස්ටර්ලන්තයෙන් සහ ජපානයේ සහයෝගය මෙරටට!

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ LNW :

ශ්‍රී ලංකාව තුළ තරුණ සංවර්ධනය සහ ආපදා කළමනාකරණය ඉහළ නැංවීම සඳහා ස්විස්ටර්ලන්තය සහ ජපානය සිය සහයෝගීතාව ලබා දීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ වෘත්තීය පුහුණුව වෙනුවෙන් නව වැඩසටහන් ආරම්භ කිරීමට ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර එකඟතාවක් ඇති විය.

මීට සමගාමීව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජපාන රජය මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය සපයයි.

මෙහි විශේෂ පියවරක් ලෙස විදුලි සංදේශ ක්ෂේත්‍රය නවීකරණය කිරීමට සහ හදිසි සන්නිවේදන උපකරණ ලබා දීමට අදාළ ගිවිසුම්වලට දෙරටේ නියෝජිතයෝ අත්සන් තැබූහ.

මෙම විදේශීය ආධාර හරහා මෙරට මානව සම්පත සවිබල ගැන්වීම සහ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.