පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්

Date:

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, පොලිස් අත් අඩංගුවෙහි පසුවන පුද්ගලයින් විවිධ විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී වෙඩිතබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර ලබාදී ඇති නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙනි.

ඒ අනුව අප්‍රේල් 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (24) දිනයේදී පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...