Wednesday, May 31, 2023
spot_img

Latest Posts

උන්ගේ කොන්දේසි බෑ. අපේ කොන්දේසිවලට ණය දෙන්න. නැත්නම් ණය එපා – මාලිමාව IMF යන හැටි (VIDEO)

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදෙන්නේ නම් ඔවුන් ජාජබ ආණ්ඩුවේ කොන්දේසිවලට එකඟව එම ණය ලබාදිය යුතු බවත් එසේ නොමැති වුවහොත් එම ණය ප්‍රතික්ෂේප කරන බවත් එම පක්ෂයේ ප්‍රබලයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

“දැන් මේ ඩොලර් නැති ප්‍රශ්නය නේ තියෙන්නෙ. මේ ඩොලර් හිඟමනේ නෙ යන්නෙ. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වුණත් ඩොලර් ගන්නවා නම් ගන්න ඕනෙ අපේ යෝජනාව මෙහෙමයි. උන් දාන කොන්දේසිවලට නෙවෙයි. උන් දාන රටට අහිතකර කොන්දේසි, ඒවාට එකඟ නෑ. මෙහෙම දෙනවා නම් දෙන්න. නැත්නම් ණය එපා. අපි නම් ප්‍රතිපත්තිය එහෙමයි. උන් කියන විදියට දණ ගස්වන්න සූදානම් නෑ. අපේ දරුවන්ගේ අනාගතය නැතිකරන්න අයිතියක් නෑ. රටක් නැතිකරන්න බෑ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති එම පක්ෂයේ ජනහමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.