ගල්කිස්ස වෙරළට නෙට්බෝල් මුසුවක්

Date:

කණ්ඩායමකට ක්‍රීඩකයින් තුනක් සහ ක්‍රීඩිකාවන් හතරක් සේ ඇතුළත් වන මිශ්‍ර නෙට්බෝල් කණ්ඩායම් නවයක් තරග වදින ශ්‍රී ලංකා බීච් නෙට්බෝල් සංගමය සංවිධානය කරන මිශ්‍ර නෙට්බෝල් බීච් 2023 තරගාවලිය අද දවස පුරා (මාර්තු 25 ) වන දින ගල්කිස්ස වෙරල තිරයට නැවුම් ක්‍රීඩා අත්දැකීමක් එක් කරන්නට නියමිතය.බර්ජයා හෝටල් පරිශ්‍රය ආසන්නයේ පැවත්වෙන මෙම තරගාවලිය සඳහා අනුග්‍රහයෙන් දායක වන්නේ චාන්ස් ස්පෝර්ට් ආයතනය ය.

අද පෙ.ව. 8.30 ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උළෙල පැවත්වෙන අතර සමාප්ති උළෙල හා අවසන් මහා තරගය එදින ප.ව.5.00 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකත්වය දරන චාන්ස් ස්පොර්ට්ස් ආයතනයෙහි නිර්මාතෘ හා සභාපති ලසන්ත අමරසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතය.

අද දවස පුරා ගල්කිස්ස වෙරළ තිරය විචිත්‍රවත් කරන්නට එකතු වන මිශ්‍ර නෙට්බෝල් කණ්ඩායම් වන්නේ කොලඹ මහ නගර සභාව,ක්‍රීඩා භූමි කැම්බල් කණ්ඩායම,ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය,ලයන්ස් ක්‍රීඩා සමාජය,කලුතර ක්‍රීඩා සමාජය,රත්නපුර ක්‍රීඩා සමාජය,නෙට් ෆයර් – දෙහිවල කණ්ඩායම,අනුරාධපුර ක්‍රීඩා සමාජය සහ නෙට් ෆයර් – රත්මලාන යන කණ්ඩායම්ය.

මේ සමඟ වන ජායාරූපයෙහි දැක්වෙන්නේ තරගාවලියේ අනුග්‍රාහකත්වය සඳහා වන අනුග්‍රාහක චෙක්පත බීච් නෙට්බෝල් සංගමයේ සභාපති යමුනා සදමාලි වෙත චාන්ස් ස්පෝර්ට්ස් අධිපත් ලසන්ත අමරසිංහ විසින් ලබා දුන් අවස්ථාවයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...