Wednesday, May 31, 2023
spot_img

Latest Posts

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, පොලිස් අත් අඩංගුවෙහි පසුවන පුද්ගලයින් විවිධ විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී වෙඩිතබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර ලබාදී ඇති නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙනි.

ඒ අනුව අප්‍රේල් 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (24) දිනයේදී පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.