*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු!

PAFFREL: පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මූලික කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් සැලසුම් කරන ලද්දේ ඔවුන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීමක් ලෙසටය. නමුත් ඉන්පසු මූල්‍ය ප්‍රථිපාදන නිදහස් නොකිරීම මත දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිසමද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දැක්වීමේ ප්‍රථිඵලයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද පැවැත්වීම සදහා අදාල මුදල් නිකුත් කිරීමට බාධා නොකරන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා වෙත සහ මුදල් අමාත්‍යවරයා වෙත අතුරු තහනම් නියෝගයක් පනවන ලදී. මෙකී නියෝගය හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවත් එම හේතුව නිසා අදාල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට උත්සාහ කිරීම අධිකරණයේ ස්වාධීනතාවයට කරනු ලබන බරපතල අභියෝගයකි.

එසේම අධිකරණ ක්‍රියාවලිය හරහා සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමකි. එනම් පාර්ලිමේන්තුව සම්මත කල අයවැයට අනුව මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ඇතිකල බාධා කිරීම් නවතන ලෙස කරන ලද නියෝගයකි. අනෙක් අතට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද හිමිව ඇත්තේ ඔවුන් ජනතාවගේ නියෝජිතයන් වන හෙයිනි. අධිකරණය කර ඇත්තේ එම ජනතාවගේ (වරප්‍රසාදය) අයිතිය ආරක්ෂා කිරීමකි.

මෙම තත්ත්වය යහපත් ප්‍රවණතාවක් නොවන බව අප විශ්වාස කරමු. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන බල කේන්ද්‍ර තුන නිර්මාණය වී ඇත්තේ සංවරණ හා තුලන ක්‍රියාවලිය නිසි ලෙස අභ්‍යාස කිරීමේ අරමුණිනි. නමුත් මේ අයුරින් එක් බල කේන්ද්‍රයක් අනෙක් ව්‍යුහයන් පරයා ඉස්මතුවීමෙන් ඇති වනුයේ විශාල අර්බුදයකි. ආර්ථික වශයෙන් බරපතල අර්බුදයක සිටින රටක් ලෙස ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතරද අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වුවහොත් රටට සිදු වන අගතියට ඒ සදහා සම්මාදම් වූ දේශපාලන නියෝජිතයින් වගකිව යුතුය. එමෙන්ම අධිකරණ ක්‍රියාවලිය පිළිබදව යම් මට්ටමකට විශ්වාසය දිනා සිටින අප රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීමද මේ හරහා සිදුවිය හැකි අනිටු පල විපාකයකි.

තවද ජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට ඇති මැතිවරණ සිතියම හකුලා දැමීම සහ ජනමාධ්‍ය මගින් හෝ එකී මතය සමාජ ගත කිරීමට දරණ උත්සාහය මර්ධනය කිරීම කිසිසේත් අනුමත කල නොහැකිය. අනාගතයේදී තමන්ට අවනත නොවන මාධ්‍ය ආයතන දඩයම් කිරීම සදහා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත නොකරාවි යැයි ලබා දිය හැකි සහතිකය කුමක්ද? මාධ්‍ය ආයතන තොරතුරු ඉදිරිපත් කිරීමේ සමබරතාව ආරක්ෂා කරගත යුතු නමුත් මාධ්‍ය ආයතන වෙත තර්ජනාංගුලිය යොමුකිරීම කිසිසේත් සදාචාරාත්මක නොවන බවද අප විශ්වාස කරමු.

එනිසා අප අවසන් වශයෙන් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට සහ මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරීමට කටයුතු නොකරන ලෙසත් වඩා දියුණු ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයක් වන සංවරණ හා තුලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වයක් දක්වන ලෙසත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan