*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

පැරණි හින්දි ගී මිහිර අපේ රසිකයන් අතරේ නොමඳවම බෙදන ප්‍රියන්ත ගමගේට පිහිටක් වෙමු

විනිවිද: වටිනා කියන මිනිසුන් හතු මෙන් මහ පොළොවේ සුලබව වැඩෙන්නේ නැත. ඔවුහු සුවිසල් වෘක්ෂ ලෙසින් වැඩී මහ පොළොවට සෙවන දෙති. සිසිලස දෙති. පිරිසිදු වාතය දෙති. නමුත් ගස ජීවත් ව සිටින තාක් ගසට හොඳක් නොකී මිනිස්සු , ගස මිය ගිය දිනෙක ගස ගැන එතෙක් නොකී වර්ණනාවන් කරති. එය බොහෝ යහපත් මිනිසුන්ගේ ඉරණමයි.

මා මෙවැනි ටීකාවක් කළේ පැරණි සිංහල සහ හින්දි ගීතවල සුරක්ෂිතතාව වෙනුවෙන් නිහඬව සුවිසල් සේවාවක් කර, අදටත් වැඩි හඬක් නොනගා නිහඬව සිටින අපූරු මිනිසකු ගැන කියන්නට ය. ඔහු ප්‍රියන්ත ගමගේ ය. පැරණි හින්දි ගීතයක් පිළිබඳව විමසුවහොත් එම ගීතය ගායනා කළේ කවුද ? ඊට සංගීතය සැපයූ සංගීතඥයා කවුද ? එම ගීතය කුමන හින්දුස්ථානි රාගයක් ඇසුරු කරගෙන නිර්මාණය කර තිබේ ද? ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද? එය තිරගත වූයේ කුමන වසරකද? එම ගීතය වෙනුවෙන් චරිත නිරූපණය කළ රංගන ශිල්පීන් කවුද? එම ගීතයේ අරුත කුමක්ද? මේ සියල්ල නිවැරදිව මතකයෙන් කියන්නට තරම් ප්‍රියන්තගේ පැරණි සිංහල හා හින්දි ගීත දැනුම මුවහත් ය. කුමන ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වුවද එවැනි පරිචයක් ඇත්තෝ දුලබ වෙති.


ප්‍රියන්ත ගමගේ වෘත්තියෙන් පිරිවෙන් ගුරුවරයෙකි. හින්දි භාෂාව පිළිබඳ ඔහුට හසල දැනුමක් ඇත්තේය.
පැරණි සහ දුර්ලභ හින්දි ගීත කෙරෙහි රසිකයාගේ තිබෙන උනන්දුව වටහා ගත් ඔහුට මෙම රසික පිරිස වෙනුවෙන් යමක් කිරීමේ වුවමනාව කලක සිට පැවතිනි. ඒ නිසාම මෙරට පළමු වතාවට හින්දි ගීත රසික සමාජයක් බිහි කරන්නට හෙතෙම පුරෝගාමී විය.
” පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය” නම් වන මෙය ඔහු ආරම්භ කළේ 2001 වසරේදීය. දැන් මෙන් සමාජ මාධ්‍ය පැතිර නොතිබූ ඒ කාලයේ මෙම රසික සමාජයට වසර පහක් නික්මෙන්නට පෙර ම හයදහස ඉක්මවූ සාමාජික සංඛ්‍යාවක් එකතු වී තිබිණි. මෙම රසික සමාජයේ අනුශාසක මණ්ඩලයට එකල සුජාතා අත්තනායක, වික්ටර් රත්නායක වැනි ගීතයෙහි සහ සංගීතයෙහි ප්‍රවීනයන් මෙන්ම හින්දි චිත්‍රපට පිළිබඳ මනා පරිචයක් ඇති, දැඩි හින්දි ගීත ලෝලියකු ද වූ අභාවප්‍රාප්ත විශේෂඥ මනෝ වෛද්‍ය ඩී. වී. ජේ. හරිස්චන්ද්‍ර මහතා වැනි විද්වත්හු ද රාශියක් ඇතුළත් ව සිටියහ.


මෙම රසික සමාජය මගින් එකල දිවයිනේ විවිධ ප්‍රදේශවල පැරණි හින්දි සංගීත ප්‍රසංග පවත්වා තිබිණි. මෙම ප්‍රසංගවල ගීත ගායනා කළේ ගායනයෙහි මනා දක්ෂතාවයක් ඇති නවකයන් ය. මෙම පිරිස තෝරා ගෙන තිබෙන්නේ ඔවුන්ගේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඒ අනුව ය. එම සංගීත ප්‍රසංග රසිකයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ නරඹන්නට අවස්ථාව සලසාදී තිබීම ද විශේෂත්වයක් විය. සංගීත කණ්ඩායම්වලට, ආලෝකකරණ ශිල්පීන් ඇතුළු අනෙකුත් කාර්මික ශිල්පීන්ට, ප්‍රසංගය පවත්වන ලද ශාලාවලට ගෙවීම් සිදු කරනු ලැබුවේ එම රසික සමාජයේ සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ධන පරිත්‍යාගවලිනි. ඒ හැර මෙම රසික සමාජය තම සාමාජිකයන් වෙතින් කිසිදු ආකාරයකින් සාමාජික මුදලක් හෝ එකතු කර නැත. වරක් ඉන්දියාවේ රවී නැමැති සුප්‍රකට සංගීතඥයා ගෙන්වා විශාල ප්‍රසංගයක් සංවිධානය කරනු ලැබුවේද මෙම රසික සමාජයයි. ඒ සඳහා සියලු බරපැන දැරුවේ රසික සමාජයෙහි සාමාජිකයකු වූ උපාලි රාජපක්ෂ නැමැති නමැති මහතෙකි. රසික සමාජයේ කුදු මහත් බො⁣හෝ කටයුතුවලදී ඒ මහතා එකල මුදල්වලින් දායක විය. පැරැණි ගීතවලට රසිකයින්ගේ ඇති ඇල්ම පිළිබඳව දැක්වීමට මෙය ම පැහැදිලි උදාහරණයක් වේ.
මෙම සංගීත ප්‍රසංගවලට සංගීතය සැපයීම කරනු ලැබුවේ එම පැරණි භාණ්ඩ ම උපයෝගී කර ගනිමිනි. ඒ හැර ඩ්‍රම්ස් වැනි බටහිර වාද්‍ය භාණ්ඩ කිසිවිටෙකත් මේ සඳහා යොදා ගන්නට ප්‍රියන්ත ඉඩ දුන්නේ නැත .ඔහුගේ අවශ්‍යතාව වූයේ පැරණි ගීත ඒ අයුරින්ම රසවිඳින්නට නරඹන්නන්ට ඉඩ සැලැස්වීම යි. එසේ ම මෙම ප්‍රසංග සඳහා එළිමහන් ස්ථානයක් තෝරා නොගෙන ශාලාවක් තෝරා ගත්තේ ද එවිට වාඩි වී නිහඬව ගීතයට සම වැදෙන්නට රසිකයන්ට අවස්ථාව ලැබෙන නිසා ය. කෙසේ හෝ පවත්වන ලද සියලුම සංගීත ප්‍රසංගවලට ශාලාවේ අසුන් ප්‍රමාණය ඉක්මවා යන තරමට නරඹන්නන් එක්රොක් වීම මෙහි සාමාන්‍ය ස්වභාවයක් විය. එපමණකටම අපේ රටේ සාමාන්‍ය රසිකයා තුළ පැරණි හින්දි ගීත පිළිබඳ දැඩි ඇල්මක් හා පිපාසාවක් තිබෙන බව ප්‍රියන්ත පවසයි.


මේ නිසා ප්‍රියන්ත පැරණි සිංහල ගීත ප්‍රිය කරන රසිකයන් වෙනුවෙන් සිංහල ගීත රසික සමාජයක් ද ඊට වසර හතරකට පසු එනම් 2005 දී ආරම්භ කළේය. ⁣
ප්‍රියන්ත විසින් කරන ලද තවත් සුවිශේෂී සේවාවක් වන්නේ 1931 – 1981දක්වා කාලය තුළ ඉන්දියාවේ තිරගත වූ සියලු ම හින්දි චිත්‍රපටවල තොරතුරු ඇතුළත් නාමාවලියක් නිකුත් කිරීමය. මෙහි එම චිත්‍රපටවලට අදාළ ප්‍රධාන තොරතුරු සියල්ල ඇතුළත් කර ඇත.
අන්තර්ජාල පහසුව අපේ රටේ නොතිබූ යුගයේ පැරණි හින්දි ගීත සිංහල අකුරෙන් ලියා එහි තේරුම ද සමග එම ගීතයට සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් “ගීත් මාධුර්ය” නමින් ග්‍රන්ථ 8 ක් එළිදක්වන්නට ද ප්‍රියන්ත එකල සමත් විය.
මොහොමඩ් රාෆි ගේ ජීවන තොරතුරු සහ සියලුම ගීත ඇතුළත් ග්‍රන්ථයක් ද ප්‍රියන්ත විසින් රචනා කර එළි දක්වා ඇත.
පැරණි හින්දි ගීත මෙන්ම සිංහල ගීත ප්‍රිය කරන්නන්ද අදටත් මෙම ගීත සම්බන්ධයෙන් කුමක් හෝ තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය වුවහොත් ප්‍රියන්තව ඇමතීම සිරිතක් ව පවතී. ඒ සෑම අවස්ථාවකදී ම නොමසුරු ව ,⁣ නොපැකිල ව එම උපකාරය කරන්නට ප්‍රියන්ත ඉදිරිපත් වන්නේ මේවා අනාගත පරපුර වෙත හැකි සෑම ආකාරයෙන්ම තිලිණ කිරීම තම වගකීමක් සේ සලකමිනි.


මෙවැනි සුවිසල් සේවාවක් කළ ප්‍රියන්ත අද වන විට සිටින්නේ බෙහෙවින් අසරණ තත්ත්වයක ය. දිගු කලක් තිස්සේ පවතින දියවැඩියා රෝගය හේතුවෙන් ප්‍රියන්ත දැන් වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයට පත් ව ඇති තදබල වකුගඩු රෝගියෙකි. දැනට ඔහු ජාතික රෝහලේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා පොරොත්තු ලේඛනයෙහි සිටී.නමුත් ඔහුට තිබෙන ගැටලුව නම් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි කෙනෙකු හමු නොවීම ය. අවයව මුදලට විකිණීම සම්බන්ධයෙන් අද වන විට කොතරම් නීතිරීති තිබුණත් පින් තකා අවයවයක් පරිත්‍යාග කරන මිනිසුන් වර්තමානයේ ඉතා දුර්ලභ ය. එසේම මේ වන විට තම රෝගය සඳහා ලබා ගත යුතු ඖෂධ වෙනුවෙන් විශාල මුදලක් වැය වන බව ප්‍රියන්ත පවසයි. වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුවද දීර්ඝ කාලයක් ඖෂධ ලබාගත යුතු වේ. ඒ සඳහා ද විශාල මුදලක් වැය කරන්නට සිදුවනු ඇත. ප්‍රියන්තගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැත. ඊයේ පෙරේදා අධ්‍යාපන කටයුතු අවසන් කළ ප්‍රියන්තගේ විසි හැවිරිදි වැඩිමහල් පුතුට ද තවම රැකියාවක් නැත. බාල පුතු පාසල් අධ්‍යාපන කටයුතු කරන දහතුන් හැවිරිදි දරුවෙකි.
මෙවැනි තත්ත්වයක් උඩ ප්‍රියන්තට තම රෝගය සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් නොමැත. එනිසා තම නිරෝගී බව යළි ලබා ගැනීම උදෙසා ප්‍රියන්ත ඔබේ සහය පතයි. ඔබේ නොමසුරු සහයෝගය කවර ආකාරයකින් හෝ මෙම වටිනා මිනිසාට දැක්විය හැකි නම් ඉතාමත්ම අගනේය.

ප්‍රියන්තගේ දුරකථන අංකය : 071 82 93 411

ලිපිනය : 93/ 30, ප්‍රගති පුර, මාදිවෙල,කෝට්ටේ

ගිණුම් අංකය : 174 200 130 356 077
මහජන බැංකුව ,නුගේගොඩ ශාඛාව

ඉන්දු පෙරේරා (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan