*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ආන්තීකරණයට ලක්වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් ඩොලර් මිලියන 1.6 ක මානුෂීීය ආධාර

ආන්තීකරණයට ලක්වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා මානුෂීය ආධාර වෙනුවෙන් ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.6 ක් ලබා දෙයි

(කොළඹ, ශ්‍රී ලංකාව): ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීම උදෙසා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයට (UN Women) ඩොලර් මිලියන 1.6 ක් ලබා දෙන ලදි.

මෙම අරමුදල් “අර්බුදය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම” යන නව ව්‍යාපෘතියක කොටසකි. එම ව්‍යාපෘතිය 2023 පෙබරවාරි සිට 2023 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන අතර, එමගින් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට මුහුණ දුන් කාන්තාවන් 1,200කට වැඩි පිරිසකට හා ඔවුන්ගේ දරුවන්ට සහාය ලබා දෙනු ඇත. එසේම, කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර ව්‍යවසායන් 500කට සහ දරිද්‍රතාවයේ හා මන්දපෝෂණයේ අවදානමට ලක්ව සිටින පුද්ගලයින් 2,000කට වැඩි පිරිසකට එමගින් සහාය පිරිනමනු ඇත.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි MIZUKOSHI Hideaki මෙසේ ප්‍රකාශ කළේය: “අපගේ ඉලක්කය වන්නේ, මෙම කාලය තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි පිරිසක් වන කාන්තාවන් සහ ගැහැණු ළමයින් අර්බුදය හමුවේ ප්‍රතිචාර දැක්වීමේ සහ ප්‍රකෘතිමත් වීමේ ප්‍රයත්නයන්හිදී අත් නොහරින බව සහතික කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ප්‍රමුඛත්වය ලබා දීම සහතික කිරීමයි.”

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ අඛණ්ඩ වර්ධනයක් භූමියේ වාර්තා මගින් පිළිබිඹු වේ. පවතින අර්බුදය සහ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් තාවකාලිය කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සහ ආරක්ෂිත නිවාස වැනි රාජ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට බාධා ඇති වී තිබෙන අතර එමඟින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට හානිකර බලපෑම් ඇති කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය හරහා එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් එම තාවකාලිය කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වෙත ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අඛණ්ඩව සැපයීමට කටයුතු  සම්පාදනය කරනු ලැබේ. එයට අමතරව, ප්‍රමාණවත් නොවන අරමුදල් සහ ආධාර හේතුවෙන් වසා දැමීමේ අවදානමට මුහුණ දී තිබෙන තාවකාලිය කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සහ ආරක්ෂිත නිවාසවල පහසුකම් වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණය කර ඒවා අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට මෙමගින් සහතික කරනු ඇත. අපයෝජන සිදුවන පසුබිම්වලින් පළායන කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා වඩාත් ආරක්ෂිත නිවාස පහසුකම් සැපයීම මෙමගින් සහතික කෙරේ.

එපමණක් නොව, යෝග්‍ය රැකියා අවස්ථා සඳහා ප්‍රවේශයක් නොමැතිකම සහ ඉහළ යන ආහාර උද්ධමනය හේතුවෙන්, කුටුම්භයන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික ආහාර සහ අනෙකුත් දේ සඳහා ප්‍රවේශය ඇති බව සහතික කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී. විශේෂයෙන් දැනටමත් අවදානමට ලක්විය හැකි සහ ආන්තීකරණයට ලක්වූ  ජනයා සම්බන්ධයෙන් මෙය අත්‍යවශ්‍යය.

“කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ජපාන රජය විසින් ලබාදෙන දායකත්වය පිළිබඳව අපි කෘතඥ වෙනවා,” යි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ වැඩ බලන කාර්යාල ප‍්‍රධානී ප්‍රශානි ඩයස් මෙනවිය පැවසුවාය. “මෙමගින් අවදානමට ලක්විය හැකි කාන්තාවන්ට ආදායම් උත්පාදනය සඳහා අවශ්‍ය සම්පත් සහ ජීවිතාරක්ෂක සහාය ලබාදෙන අතර රටේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ තත්ත්වය තවදුරටත් පසුබෑමකට ලක් නොවීම සහතික කරයි.”

මෙම ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා, අම්පාර, කොළඹ, මොණරාගල, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල කාන්තාවන් නායකත්වය දෙන ව්‍යවසායන් සමඟ මෙම ව්‍යාපෘතිය කටයුතු කරනු ඇත. ඒවාට ද්‍රව්‍යමය සහාය සහ ව්‍යාපාර සංවර්ධන පුහුණුව ලබා දීම තුළින් ඔවුන්ගේ ව්‍යාපාරික ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවනෝපාය ශක්තිමත් කරනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan