සජිත්ගේ “සක්වල” 132 වැනි ස්මාර්ට් පන්ති කාමරය උඩුවිල කනිෂ්ඨ විද්‍යාලයට (VIDEO)

Date:

කාලයකට පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියා තමා දන්න බවත් එය හෙළිදරව් කරන බවට මාධ්‍ය ඔස්සේ පවසන බවත් එය තවදුරටත් සැගවිය යුතු දෙයක් නොවන බවත් එය හෙළිදරව් කිරීම ඔහුගේ වගකීම බවත් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ද නැත්නම් වෙනත් අරමුණකින් සිදු කළ එකක් ද කියා ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වූ පුද්ගලයන්ට අප පිළිතුරු බැඳිය යුතු නිසා කරුණාකර මේ මිනිසුන්ගේ ජීවිත සමඟ තවදුරටත් සෙල්ලම් නොකර එම නම් හෙළිදරව් කරන ලෙසත් එසේ පැවසීමෙන් අදාළ පුද්ගලයන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම වත්මන් රජයට පැවරෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 132 වැනි අදියර යටතේ හම්බන්තොට තිස්සමහාරාම උඩුවිල කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (25) එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

කයිවාරු ගහලා රට ගොඩගන්න බැහැ

පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට සම්ප්‍රදානුකූ ක්‍රමවේද නොගැලපෙන බවත් බොරුවට කයිවාරු ගසා ජනතාව රැවැට්ටීමට තවදුරටත් වලංගු නොවන බවත් ණය වූ රටවලට කතා කර දැන් ණය ගෙවන්න බැහැ කියා කීම විහිළු කතාවක් බවත් එවැනි දේවලින් රටේ ගැටලු විසඳිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදවලින් පරිපූර්ණ වැඩපිළිවෙළක් බවත් එය කෘෂිකර්මාන්තයේ සිට අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය බවත් කයිවාරු ගසා රට ගොඩ ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 132ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1322ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...