ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නිව්යොක් අධිකරණය විසින් අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයකට දින නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා වේ.

ඒ අනුව ඔහුට එරෙහි නඩු විභාගය අප්‍රේල් 15 වැනි දා ආරම්භ වන බව , නිව්යොක් අධිකරණය විසින් ඊයේ (25) නියෝග කළේය

ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ,  2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු සබඳතා පැවැත් වූ නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවා එම තොරතුරු වසන් කර, පසුව ඒ සම්බන්ධ මූල්‍ය වාර්තා වෙනස් කිරීමයි.

අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ, හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් විභාගයට ගැනෙන පළමු අවස්ථාව මෙය වනු ඇති බව වාර්තා වේ.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම නඩුවෙන් ලැබෙන තීන්දුව, මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සෘජුව බලපානු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත්, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තේරී පත්වීමට වැඩි ගෞරව දිනාගෙන අවසන් අතර, මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම, රහසිගත රාජ්‍ය ලේඛන අනවසරයෙන් ළඟ තබා ගැනීම ඇතුළු තවත් චෝදනා 3ක් සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තවත් අධිකරණ 3ක නඩු විභාග වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...