*
Saturday, March 29, 2025
spot_img

Latest Posts

DG අධිකරණය නොසළකා හැරීමේ නඩුව අප්‍රේල් 2 දා ට කල් යයි

නිශ්මං රණසිංහ කොළඹ මාර්තු 26, LNW:

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු අධිකරණයට අපහාස වන ආකාරයෙන් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් නොසළකා හරිමින් සහ අධිකරණ අවසරයකින් තොරව එම නියෝගය වළක්වාලීම ගැන පළාත් රග්බි සංගම් අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මාර්තු 14 දා කැද වූ අවස්ථාවේ දී, අප්‍රේල් 2 දා එය නැවත විමසා බැලීමට අධිකරණය විසින් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රග්බි (SLR) හි වාර්ෂික මහා සභා රැස්වීම (AGM) පැවැත්වීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට දුන් සහතිකය ඉටු නොකිරීම, පළාත් රග්බි සංගම් විසින් ක්‍රීඩා අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නඩුව ගොනු කිරීමට හේතුව වී ඇත.එම නඩුවට අදාළ කරුණු අනුව ෂෙමාල් ප්‍රනාන්දු එම වසරේ දෙසැම්බර් 21 දිනැති මැතිවරණ කමිටුවට පත්වීම් ලිපියක් නිකුත් කර ඇති බවත්, පසුව 2025 ජනවාරි 21 දින පැවැත්වීමට නියමිත SLR හි වාර්ෂික මහා සභා රැස්වීම සඳහා දැන්වීමක් නිකුත් කර ඇති බවත්,පළාත් සංගම් පෙන්වා දි ඇත.

2025 ජනවාරි 8 දිනැති ආසියානු රග්බි (AR) සභාපති ක්වායිස් අල් ධලායිගෙන් ලැබුණු විරෝධතාව මත පදනම්ව, SLR සඳහා නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම කල් දැමීමට 2025 ජනවාරි 18 දිනැති ලිපියක් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති අතර එය අධිකරණයට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දුන් සහතිකය ප්‍රතික්ෂේප කිරීමක්ය.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මීට පෙර ද මෙම සහතිකය අධිකරණයට ලබා දීමට පෙර පළාත් සංගම් විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීම්වලට අනුව ළු්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් නොසළකා හරින ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගයක් නිලවරණය නොපැවත්වීමට හේතුවක් ලෙස සළකා කටයුතු කර ඇත.ඔහු රගර් බලධාරියා ලෙස පත් කරන්නට යෙදුණේ පැවති පරිපාලනය විසින් විසින් නියමිත දිනයට එහි නිලධාරි මණ්ඩලය පත් කර ගැනීමට අපොහොසත් වීම නිසාය.එම පරිපාලනය වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ පසු බලධාරියා ලෙසින් පත් වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිදු කළේ නිලවරණය නිසි වේලාවට පැවත්වීමේ නීතිමය වගකීම නිවැරදිව ඉටු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිපාලනයේ ප්‍රධානියාම රගර් ක්‍රිඩාවේ පහසුකම් සපයන්නා ලෙස නම් කිරීමය.

මාධය මඟින් කෙතරම් කරුණු පෙන්නා දුන්න ද,අසියානු වගකීම් දක්වා ඉහළට ගොස් තිබෙන, රටේ නීතිය අනුව දඬුවමට ලක් නොවූ නිලධාරීන් ගැන තීරණ ගැනීම තමන්ගේ කාලයේ නොවන බව කියා මඟ හරිමින් ඇත.එසේම එම නිලධාරීන් සිටින ආසියානු පරිපාලනය ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ස්වාධීනත්වයට බාධා කරමින් වැරදි කරන ලද නිලධාරීන්ට ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ වගකීම පවරා දෙන්නට උත්සාහ කළ අවස්ථා ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අමාත්‍යවරුන් වෙත දැණුම් දෙන්නේ නැත.ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී රගර් ක්‍රීඩාවේ දී ආගමන විගමන නීති නොසළකා කටයුතු කර රටේ රගර් ක්‍රීඩාවේ සංවර්ධනයට ලැබෙන පවුම් 50000 ක් එම වරදින් අහෝසි කිරීම ගැන දොසු නැඟූවද,මේ වන විට අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වරද කළ පරිපාලනයේ ප්‍රධාන විධායක නිලධාරියා ය.රගර් පරිපාලන ප්‍රධානියා වශයෙන් මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට ද මෙවැනි සදාචාරසම්පන්න නොවන පත් කිරීම් කිරීමේ ආදීනව ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දිය යුත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන අතර ඔහු එහෙත් තනිකරම උත්සාහ කරන්නේ ලංකාවේ රගර් ක්‍රීඩාවේ ව්‍යවස්ථාව වෙනස් කර,පවතින ව්‍යවස්ථාවට පිටතින් කටයුතු කරන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව අධිකරණයට කැඳ වූ පළාත් සංගම්වලට ඇති බලය අහෝසි කරන්නටය.

මේ තත්ත්වය මත ව්‍යවස්ථාව වෙනස් කිරීමේ උවමනාව මිස එය අහෝසි කිරීමෙන් රටේ රගර්වල ව්‍යාප්තියට සිඳු විය හැකි අනර්ථය නොසළකා කටයුතු කිරීම හැරෙන්නට මේ සිඳුවීම ගැන ප්‍රති විරුද්ධ අදහස් දරණ පාර්ශව ගෙන එන අදහස් නොසළකා සිටීම මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් දැඩි ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට ද බෝ වී තිබෙන බව දැකිය හැකිය.හෙඳ හෝ නරක ලෙස නොව ආසියාව හෝ ලෝකය කියන දේ තර්කයකින් තොරව පිළිගත යුතුය යන මතය අමාත්‍යවරයාගේ ඔළුවට කා වද්දා ඇති අතර අමාත්‍යවරයා ද සිය පළමු කාර්යය රගර් හි ස්වාධීනත්වය අපේක්ෂා කර සටන් කරන පිරිසට විරුද්ධ වීම සේ සළකා තමන්ට උපදෙස් දීමට පත් කරන ලද පිරිස අතරට වැරදිවලට දායකවීම් නොසළකා හැර සහ ක්‍රීඩා පණතට පටහැනි ලෙස පුද්ගල පත් කිරීම් ද කර වැඩි පිරිසක් රගර් ක්‍රීඩාවෙන් ඇතුළත් කර ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan