අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු අදායම්ලාභීන්ට සහන පැකේජයක්!

Date:

කොළඹ LNW:එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී, අඩුආදායම්ලාභී පවුල්වලට සහන මිලකට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ හමුවේදීය.

ඒ අනුව රුපියල් 5000ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් ආහාර පැකේජයක් රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති 812,753ක් වන අයදුම්කරුවන් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරාගැනීමට නියමිතයි.

එළඹෙන අප්‍රේල් 01 වනදා සිට අප්‍රේල් 13 දක්වා කාලය තුළ රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ කෝප් අලෙවිසැල් මගින් මෙම ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...