දේශබන්දුට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් මුල පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඊට අදාළ පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීක් සිදුකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එම යෝජනාව මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව ඇති අතර පසුව සම්මත වූ එම යෝජනාව සම්බන්ධයෙන් කථානාකවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතයි.

එම විමර්ශන කමිටුවේ තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක්ගනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...