කෙහෙළියගේ ටෙලිෆෝන් නඩුව : මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. විභාගයට දින නියම කෙරේ

Date:

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී තම පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000ක බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවා දැමීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට රඹුක්වැල්ල මහතාගේ නීතීඥයින් මතු කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (26) නියම කළේය.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යාමටත් එම නඩුව විභාගය සඳහා ජුලි 22 වනදා කැඳවීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල බන්ධානාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...