මහ මැතිවරණයක් නැහැ – ජනාධිපතිවරණය ඔක්තෝම්බර් 05 ?

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ සෙනසුරාදා (05) දිනයේ දී ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන බව සඳහන්.

කෙසේවෙතත් මේ ගැන මැතිවරණ කොමිසම වෙත නිල දැනුම් දීමක් මෙතෙක් සිදුකර නැහැ.

ව්‍යවස්ථානුකූලව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූරකාලය සැප්තැම්බරය වන විට අවසන් වන හෙයින් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්විය නොහැකියි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට දැඩි උත්සහයක් ගනිමින් සිටින්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීම සඳහා වුවද ඊට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සැලකිය යුතු සහයක් පොහොට්ටුව වෙත ලැබී නැති බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...