*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

සමහරු දාලා ගියා ඒත් දැන්න එන්න විදිහක් නැතුව ඉන්නෙ – එස් එම් චන්ද්‍රසේන (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW):

අද (27) පස්වරු 3.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි විධායක සභාව රැස්වීමට නියමිත බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.

විධායක සභා රැස්වීමේදී – පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර දෙක සඳහා නව පත් කිරීම් සිදු කිරීමට නියමිත බවත්, මීට අමතරව ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ද විධායක සභාවේදී තීරණවලට එළැඹීමට නියමිත බවත් සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පසුගිය දා එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඇති අතර, එහිදී පළමුව පැවැත්විය යුත්තේ, මහ මැතිවරණයක් බවට ඔවුන්ගෙන් බහුතරය ප්‍රකාශ කර ඇත. 

එස් එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පවසන්නේ, පසුගිය කාලය පුරා තම පක්ෂය හැරදා පිරිසක් ගිය බවත්,මේ වනවිට ඔවුන් නැවත පැමිණීමට නොහැකිව සින බවයි.

කෙසේ වෙතත් තම පක්ෂය ජයග්‍රහණය කරා යන බව ස්ථිර බවද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan