මට රට රටවල සවාරි ගහනවට වඩා පාසල්වල දරුවන් වෙනුවෙන් කරන්න දේවල් තියෙනවා – සජිත් (VIDEO)

Date:

අද බොහෝ දෙනා තුළ පාස්කු ප්‍රහාරය ගැන නැවතත් කතාබහක් ඇතිව තිබෙන බවත් මෙහි දී විවිධ කතා තැන තැන කීම නොව විනිවිදභාවයෙන් යුක්ත වූ විවෘත නිවැරදි පරීක්ෂණයක් අවශ්‍ය බවත් තමා විශ්වාස කරන ආකරයට මේ සඳහා සාමාන්‍ය කොමිසමක් පත් කරනවා වෙනුවට දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන් ද සම්බන්ධ කළ යුතු බවත් ඒ සඳහා විවෘතව සත්‍යවාදීව නිවැරදි පරීක්ෂණයක් සිදු කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් ජනාධිපතිවරයා පවා ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය පවා ගෙනවිත් පරීක්ෂණ පවත්වනවා කිව්වත් ස්කොට්ලන්ඩ්යාර්ඩ් එක පැත්ත පළාතේවත් නොගිය බවත් ඔහුට මේ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් සෙවීමට උනන්දුවක් නැති බවත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීම සැඟවන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මෙමඟින් විපතට පත් පවුල්වල සාමාජිකයන්ට සිදු වූ මහා ඛේදවාචකය වෙනුවනේ යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයට කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කරන්න අවශ්‍ය නොවන නිසා අවංක විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවත් පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන ගොඩනගන්න ප්‍රධාන කාර්යභාරය ඉටු කළ පුද්ගලයා ලෙස තමා, මෙම නින්දිත ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සොයා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම ලබා දීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 133 වැනි අදියර යටතේ හම්බන්තොට අම්බලන්තොට කිවුල කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

මට රට රටවල සවාරි ගහනවට වඩා පාසල්වල දරුවන් වෙනුවෙන් කරන්න දේවල් ටිකක් තිබෙනවා

තමාද ඇමෙරිකාවට, කැනඩාවට, ඔස්ටේ්‍රලියාවට යන්නේ නැද්ද කියා විමසන බවත් තමාට අමෙරිකාවට, කැනඩාවට, ඔස්ටේ්‍රලියාවට යනවට වඩා රටේ පාසල් 10126ට ගොස් එහි අඩුපාඩුකම් සොයා බලා මේ රටේ 41 ලක්ෂයක් රජයේ අධ්‍යාපනයෙන් පෝෂණය වන දූදරුවන්ට ශක්තිය ලබා දීම වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමන් මේ අඩුපාඩු සොයා පාසල් සුහුරු පාසල් බවට පත් කරනවා යැයි පවසන විට මේ දූදරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් මහපාරට බැස්සවිය හැකි බවත් එසේ වුවත් රටේ පාසල්වල දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය හැකි සුහුරු සිසුවන් බවට පත්කිරීම තම අරමුණ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 133ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1332ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...