කොළඹ නගර සභාවේ මිශ්‍ර නෙට්බෝලයේ සූරතාවය යුද හමුදාවට

Date:

කොළඹ නගර සභාව පුරපති කුසලානය වෙනුවෙන් සංවිධානය කරන්නට යෙදුණ මිශ්‍ර නෙට්බෝල් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට යුද හමුදා කණ්ඩායම සමත් වුණා.කණ්ඩායම් අටක් අතර පැවති මෙම තරගාවලියේ අනු සූරතාවය හිමිවුණේ කෑගල්ල කණ්ඩායමටයි.

සෑම කණ්ඩායකම ප්‍රහාරක අංශයට,මැද පෙළට සහ ආරක්ෂක පෙළට ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළුවන ආකාරයට මේ තරගාවලිය ක්‍රියාත්මක වුණා.කොළඹ බීආර්සී ක්‍රීඩාංගණයේදී මාර්තු 24 සහ 25 යන දෙදින තුළ පැවති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය මෙන්ම දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයද යුද හමුදා කණ්ඩායමේ සාමාජිකයන් සතු කර ගත්තා.

ඒ අනුව දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙන්නට යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ භාරත පෙරේරාට හැකි වුණා.ඉෂාරා සෙව්වන්දි යුද හමුදාව වෙනුවෙන් පෑ දස්කම් සළකා ඇය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කළා.

RM

දක්ෂතම ක්‍රීඩකයා භාරත පෙරේරා
දක්ෂතම ක්‍රීඩිකාව ඉෂාරා සෙව්වන්දි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...