Thursday, March 30, 2023
spot_img

Latest Posts

අදත් ගෑස් නැවක් ගොඩබායි ! හිගයකින් තොරව ගෑස් සපයන්න සූදානම් – ලිට්‍රෝ සමාගම

ඕමාන රජයේ ණය ආධාර යටතේ මෙරටට ලැබුණු ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. මෙම ගෑස් තොගය මෙට්‍රික් ටොන් 3500 කින් සමන්විත වේ.

ලිට්‍රෝ සමාගම පවසන්නේ මේ වනවිට ප්‍රමාණවත් ගෑස් තොග සමාගම සතු බවයි. දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොලට සපයන බවත්, ඉදිරි දින කිහිපය තුළදී ගෑස් හිගය පහව යනු ඇති බවත් එම සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඉරිදා දිනයේදී කෙරවලපිටිය ගෑස් පර්යන්තයේ ගෑස් පිරවීමේ කටයුතු සිදු නොකරන නමුත්, රටේ පවතින තත්වය සලකා බලා අද දිනයේදී ගෑස් පර්යන්තයේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇති අතර අද දිනය තුළදී ගෑස් සිලින්ඩර ලක්ෂයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වෙළඳපොලට සැපයීමටද කටයුතු යොදා තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.