IMF වාර්තාව ගැන විවාදය මීලඟ පාර්ලිමේන්තු සතියේදී

0
359

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. මීලඟ පාර්ලිමේන්තු සතියේදී එම විවාදය පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසන්නේ.

අදාල වාර්තාව පිළිබඳ විවාදයක් අවශ්‍ය බව සමගි ජන බලවේගය මෙන්ම එක්සත් ජාතික පක්ෂයද ප්‍රකාශ කර තිබිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කලාපීය නියෝජිතයෙකු පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි අතර එහිදී ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හමු වී සාකච්ඡා පැවැත්වීය. කලාපීය නියෝජිතයාගේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකස් කර රජයට බාරදීමට මුල්‍ය අරමුදල කටයුතු කළේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here