ඔක්කොම එකතු උනොත් ආණ්ඩුවෙ සරළ බහුතරයටත් තට්ටු වෙනවා – චම්පික

Date:

තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්‍රී ආසන 03 ක් පමණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු කණ්ඩායම් අවංකව කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ සරළ බහුතරයද අහිමි කළහැකි බව ඔහු පවසනවා. ඉදිරි කාලය තුළ එයද සිදුවිය හැකි බව චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

පසුගියදා එක්සත් ජාතික පක්ෂය කොළඹදී පැවැත්වූ සත්‍යග්‍රහයට 43 වැනි සේනාංකයේ පිරිසක් එක්ව සිටි අතර චම්පික රණවක මහතා පවසන්නේ විපක්ෂයේ කුමන කණ්ඩායමක් හෝ ආණ්ඩුවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සඳහා ආරාධනා කරන්නේ නම් ඊට එක්වීමට තම සංවිධානය සූදානම් බවද ඔහු ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණ, පක්ෂ 11 කණ්ඩායම වුවද අරාධනා කළහොත් ඒවාටද සහභාගි වන බව රණවක මහතා පවසනවා.

තනි තනිව ගමන් කිරීමට වඩා පුළුල් සන්ධානයක් හෝ පොදු එකඟතාවයක් මත සියලු කණ්ඩායම් එක්වීම වැදගත් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ එකිනෙකට වෙනස් මත දරන පාර්ශ්ව එකතු කර ගැනීම දුෂ්කර වුවත් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඊටද සූදානම් වියයුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...