පාරට බහින්න හරි ජීවිතේ ඉතුරු උනේ අපි දීපු වැක්සින් නිසා – මහින්දානන්ද

Date:

ජනතාව මේ වනවිට දැවැන්ත පීඩනයක සිටි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. වත්මන් අර්බුදය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගතයුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ජනතාවද මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත්, බඩට නොව රටට ලැබෙන දේ පිළිබඳව කල්පනා කළයුතු බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ජනතාව අතට හා බඩට ලැබෙන දේ පිළිබඳව පමණක් කල්පනා කරන බවයි.

ආණ්ඩුවට බැනීමට හෝ, ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කිරීමට හෝ ජීවිතය ඉතිරි වී තිබෙන්නේ ආණ්ඩුව විසින් ලබාදුන් එන්නත් නිසා බව අද බොහෝදෙනාට අමතක වී ඇති බවයි අද පැවති උත්සවයකදී කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේ.

ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර අර්බුදය ඇතුළු සියලු අර්බුද ඉතා ඉක්මනින් විසඳන බවත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ආණ්ඩුව සතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...