*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මීඩියාවලින් පෝලිම් පෙන්නන නිසා තමයි ජනතාව පීඩනයට පත්වෙන්නෙ – කෙහෙළිය

ජනමාධ්‍ය මගින් පෙන්වන ඇතැම් දේ ජාත්‍යන්තරය කරා යන බවත්, ඒ හරහා රටේ ප්‍රශ්නවලට ජාත්‍යන්තර මාධ්‍ය තුළද වැඩි ඉඩක් හිමිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මෙම තත්වය රටට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගිවෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම හේතුවෙන් රටට හිමිවන සීමිත ආයෝජන පවා අහිමිව යා හැකි බවයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් බරපතල අර්බුදයට ගොස් ඇති බවත්, එය ශ්‍රී ලංකාවට පමණක් අදාල නොවන තත්වයක් බවත් රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

දිනපතා පෝලිම්වල රස්තියාදුවෙමින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාවගේ එම පීඩනය තවදුරටත් වැඩි කරන්නේ ජනමාධ්‍ය ආයතන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටින ජනතාව පිළිබඳව විටින් විට වාර්තා කිරීම හරහා ජනතාවගේ පීඩනය තවදුරටත් ඉහළ යන බව පෙන්වා දෙන ඇමතිවරයා ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ ජනතාව පෝලිම්වල සිටින දර්ශන නැවත නැවත ප්‍රචාරය නොකරන ලෙසයි.

දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් ආතතියට පත් නොකරන්නැයි ඔහු ඉල්ලා සිටී.

පවත්නා අර්බුද ආණ්ඩු මාරුවක් හෝ ඔලුගෙඩි මාරුවක් තුළින් විසඳා ගත නොහැකි බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ අර්බුදයට විසඳුම් සෙවීමට බවත් රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. පවතින තත්වය තේරුම් ගෙන ඊට සහභාගි වී තම යෝජනා ඉදිරිපත් කිරීමට පක්ෂ කිහිපයක් හෝ තීරණය කිරීම ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස හඳුන්වන ඇමතිවරයා පවසන්නේ අර්බුදය වාසියක් කරගෙන ආණ්ඩු බලය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාර්ශ්ව සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan