*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සුදු ඇඳගෙන කළු ඇවිදින් වත් ද?

සාමාන්‍යයෙන් සවස් කාලයට සුදු ඇඳ ගෙන යන්නේ මළ ගෙවල්වලට ය.එහෙත්, එක්සත් ජාතික පක්ෂය පසුගිය 25 වන දා තම පාක්ෂිකයන්ට සේම සකල විධ බාහිර පාර්ශවයන් ගෙන් ඉල්ලා තිබුණේ සුදු ඇදගෙන කොළඹ හයිඩ් පිටියට පැමිණෙන ලෙස ය. ඒ සත්‍යග්‍රහයක් වෙනුවෙනි.එම සත්‍යග්‍රහය කිසිදු පාර්ශයකට හෝ පුද්ගලයකුට එරෙහි විරෝධතාවක් නොවන බවත් කිසිම ජාතියකට,ආගමකට හෝ දේශපාලන පක්ෂයකට සීමා වන්නක් නොවන බවත් පක්ෂ සභාපති වජිර අබේවර්ධන පුන පුනාම කීය.ඔවුන්ගේ අරමුණ කුමක් වුවත් ඒ පැමිණි බොහෝ දෙනකු රටේ “ආර්ථික මළගම” වෙනුවෙන් සුදු ඇඳගෙන පැමිණුනා ද විය හැකිය.

එම ආර්ථික මළගම රටම කම්පනයට පත් කර තිබේ. එය කෙතරම් කම්පනයක් ද කිය තොත් තෙල් පෝලිම්වල දී එකිනෙකා මරා ගන්නා තැනට එය ඉදිරියට පැමිණ ඇත. ඉන්ධන පෝලිම් හා ගෑස් පෝලිම් පෙර තරමට නැතත් යම් තරමකට තිබේ. එහෙත්, බලශක්ති ඇමති ගාමිණි ලොකුගේ නම් පවසන්නේ තෙල් පුරවාගෙන ඉන්ධන පිරවුම්හල් වෙත යන බවුසර නැවත හරවාගෙන ආපසු එන්නේ එවායේ ඇති තරම් ඉන්ධන තිබෙන නිසාවෙන් බව ය.එය සත්‍යයක් නම් එමඟින් අනියමින් පැවසෙනුයේ අප රටේ ඉන්ධන ප්‍රවාහනය ද අවිචාරවත් හා නාස්තිකාර ලෙසින් සිදු වන බවකි.ඒ අතර තෙල් බවුසර හරවා ගෙන යාමට තරම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇතැයි කීව ද තවමත් ජනතාව පෝලිම්වල රැඳෙන්නේ මන්දැයි ඇමතිවරයා සොයා බැලුවා නම් අගනේ ය. මේ සියළු කාරණා වලට මුල අපට සියළු දේශපාලන පක්ෂ වලට ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම ය. එක්සත් ජාතික පක්ෂය කොළඹ හයිඩ් පිටියට සුදු ඇඳගෙන පැමිණ සත්‍යග්‍රහයක් කරන්නේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම වෙනුවෙනි.

“අදුරු අනාගතය පහන් කරන්නට” යන මැයෙන් මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි. ජාතික එකඟතාවයක්, ජාතික ප්‍රතිපත්තියක් ඇති කර ගන්නට එක් වෙමු මැයෙන් සත්‍යග්‍රහයේදි ප්‍රතිඥාවක් ලබා දීම ද විශේෂත්වයකි. මෙම සත්‍යග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.ඊට අමතරව මෙම සත්‍යග්‍රහය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු ජාතික සමඟි ජන බලවේගයට සම්බන්ධ 43 සේනාංකයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටිනු දක්නා ලදී.රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ආරාධනයකට අනුව 43 සේනාංකයේ ප්‍රධානින් වන හිටපු රාජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එහි මාධ්‍ය අංශයේ ප්‍රධානියකු වන ධනුෂ්ක රාමනායක ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියේ, 43වැනි සේනාංකය විසින් එදින මොරටුව සිට කොළඹ දක්වා සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනින් අනතුරුව ය.

මරදානේ ඩාර්ලි පෙදෙස, යුනියන් පෙදෙස, බ්‍රෙබෘක් පෙදෙස හා විහාර මහා දේවි උද්‍යානයේ සිට පිරිස පාගමින් කොළඹ හයිඩ් පිටිය වෙත පැමිණි “අදුරු අනාගතය පහන් කරන්නට”සත්‍යග්‍රහ කණ්ඩායම මිහි තලය මත අසුන් ගත්හ. ඉන්පසුව සංස්කෘති අංග කිහිපයකින් පසු ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීම වෙනුවෙන් ජාතික එකඟතාවයකට පිරිස ප්‍රතිඥා දුන්හ.

සැබැවින්ම රටට ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුව තිබුණේ 1948 නිදහස ගත් වකවානුව තුළදීම ය. එහෙත් රටේ අවාසනාවට එවැනි දෙයක් නොවුණු බැවින් නිදහසින් වසර 74 ක් ගතවූ දිනය වන විටත් රට සංවර්ධනය වෙමින් පවතින රටක් වී තිබේ. රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීම ඇතුළු කරුණු ගණනාවකට පදනම වැටුණේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙනි.පසුගිය කාලය තුළ බලයට පත් ඇතැම් ආණ්ඩු සිංහල බෞද්ධ බහුතරය තම දේශපාලනික ගමන් මඟෙහි ගාමක බලය වශයෙන් හුවා දැක්වීම මත රටේ ජාතික සමානාත්මතා සංකල්පය කුණු බක්කිඅයට වැටුණි.නමුත් ඒ ගමන් මඟට කෙසේවත් එකඟ නොවන; සිංහල අලුත් අවුරුදු උළෙලක කණා මුට්ටියට ගැසීමකට වත් නො එන අඩුම තරමින් සාටකය ඇතිව හෝ නැතිව ජාතික ඇඳුම වත් නො හඳින රනිල් වික්‍රමසිංහ බොහෝ දෙනකු දුටුවේ ඇමරිකානු නියෝජිත කළු චරිතයක් ලෙසිනි.එහෙත් ඇමරිකාවට හෝ ලොව වෙනයම් බලගතු රාජ්‍යයකට රට පාවා දෙන්නවුන් ඇඳුමින් හඳුනා ගත නොහැකි බව දැන් ජනතාව ටිකෙන් ටික තේරුම් ගනිමින් සිටිති.ඒ සුදු ඇඳගෙන පැමිණෙන කළු චරිත වල ස්වභාවය ජනතාවට මඳින් මඳ හෝ වැටහෙමින් පවතින බැවිනි.

මෙරට ඇත්තේ ආණ්ඩු මාරුවන විට ප්‍රතිපත්ති වෙනස් වන පාලන ක්‍රමයකි. එක් ආණ්ඩුවක් කරගෙන ආ ප්‍රතිපත්ති, වැඩසටහන් ඊළඟ ආණ්ඩුව පැමිණි විගස දඩි බිඩි ගා වෙනස් කර ගනී. ඔවුන් තමනට ආවේනික ප්‍රතිපත්තියක් සකසා නිම වන විට ඉතිරිව ඇත්තේ පාලන කාලයෙන් සුළු කොටසක් පමණකි. පසුව පැමිණෙන ආණ්ඩුව එම කොටස ඉදිරියට ගෙන යනවා වෙනුවට එය අවසන් කර තමන්ගේ ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමට කිරීමට කටයුතු කරයි. එහි අවසන් ප්‍රතිඵලය වසර 74 ක් පුරාවට මාරුවෙන් මාරුවට දේශපාලඥනයන් පොහොසත්වීම පමණකි.

සෑම දේශපාලනඥයෙකුම මේ මොහොතේ කතා කළ යුතු වන්නේ දෑනට රජයට එරෙහිව ඔඩු දුවමින් පවතින ජනතා අප්‍රසාදය පදනම් කර ගෙන බලය ලබා ගැනීම නොව වෙනස් නොවන ප්‍රතිපත්තියක් සැකසීම බව ඇතැමුන්ගේ මතය වී තිබේ.. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ප්‍රතිපත්ති තිබේ. ඒවා ආණ්ඩු මාරුවන විට මාරු නොවන හෙවත් අනුල්ලංඝනීය ප්‍රතිපත්තීන් ය. අප අසල්වැසි ඉන්දියාවේ ද එවැනි අනුල්ලංඝනීය රාජ්‍ය ප්‍රතිපත්ති තිබේ. ආණ්ඩු බලය ගන්නා දේශපාලඥයන්ට හිතෙන හිතෙන අන්දමට එම ජාතික ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි ය.

ඉන්දියාවේ පවතින කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉතාම සාර්ථක ප්‍රතිපත්තියකි. එරට බලයට පත්වන දේශපාලනඥයන් කටයුතු කළ යුතු වන්නේ එම ජාතික ප්‍රතිපත්ති මත පිහිටා මිස ඉන් බැහැරව නොවේ. දේශපාලනඥයාට අවශ්‍ය ප්‍රතිපත්තිය වෙනුවට රටට අවශ්‍ය ප්‍රතිපත්තිය ඒ අනුව ක්‍රියාවට නැඟේ. දියුණු රටවල සෑම එකකම මෙම ප්‍රතිපත්ති ආණ්ඩු පාලනය සිදු වේ.

නොදියුණු සෑම රටකම පාහේ එවැනි ප්‍රතිපත්තියක් නැත. එම රටවල පවතින ප්‍රතිපත්තිය වනුයේ දේශපාලනඥයාගේ ප්‍රතිපත්තිය පමණකි. ජනධිපතිවරණයක දී මෙන්ම මහ මැතිවරණයකදී ද බලය ඉල්ලන සෑම පුද්ගලයෙකුම, සෑම පක්ෂයක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජයග්‍රහණය කරවන ලෙස ඉල්ලා සිටියි. නිදහසින් වසර 74 කාලය තුළ පැවැති සෑම ඡන්දයකදීම එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළත් ඒවා සුරංගනා කතාවලට වඩා වැදගත්කමක් ඇත්තේ නැත. ඒ මන්ද බලයට පත්වූ ජනාධිපතිවරුන් මෙන්ම බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර නැති බැවිනි.

ඇට අටක් දෙන්නම්, හඳෙන් හාල් දෙන්නම්, පොල් ගෙඩියම ශත 35 ට දෙන්නම්, 3.50 ට පාන් දෙන්නම් කියා බලය ගත්තා මිස රටටම පොදු ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් සැකසීම වෙනුවෙන් කිසිදු ප්‍රද්ගලයෙකු දේශපාලනඥයකු බලය ඉල්ලා නැත.

එක්සත් ජාතික පක්ෂය මෙවර ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම වෙනුවෙන් පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බව කියයි. නිදහසින් වසර 74 ට පසුව වුව ද එවැනි ප්‍රතිපත්තියක් සැකසෙන්නේ නම් රටක් ජාතියක් ලෙස එය ඉතා වටින්නේය. එහෙත්, තවමත් මේ ගැන කිසිදු දේශපාලන පක්ෂයක් කතා කරනු ඇප දැක නැත. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන මේ ජාතික ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක වේ නම් ඉන් යම් යහපතක් මිස අගුණක් සිදුවිය නොහැකි බව මේ ලියුම් කරු ගේ අදහස ය.

පක්ෂ දේශපාලනය අතික්‍රමණය කරන ජාතික ප්‍රතිපත්තියක් පැවැතියේ නම් මේ මොහොතේ ආර්ථිකය මේ තරම් පහළට වැටෙන්නේ නැත. පෝලිම් ඇති වන්නේ නැත. මන්ද මුදල් ඇමතිවරයාට හෝ ආණ්ඩුවට තමන්ට සිතු සිතු ලෙස කටයුතු කරන්නට බැරිවෙන බැවිනි.කැබිනට්ටුව පස්ස පැත්තේ බැඳගෙන අද රට පාලනය කරන්නේ රාජපක්ෂ සහෝදරවරුන් ය. ඔවුන්ට එලෙස පවුලේ සාමාජික කැමත්ත මත රටේ පාලන බලය හැසිරවීමට හැකිව ඇත්තේ ජාතික ප්‍රතිපත්තියක් කිසිදු ක්ෂේත්‍රයකට නොමැති බැවිනි.

එම නිසා කොළඹ හයිඩ් පිටියට පැමිණි ජනතාව ප්‍රාර්ථනා කළේ පණ අදින ආර්ථිකය නම් ලෙඩා මරණයට පත් නොවේවා යන්න විය යුතු ය. ඒ අනුව ජාති ආගම් දේශපාලන භේද වලින් තොරන “අඳුරු අනාගතය පහන් කරන්නට”යන සත්‍යග්‍රහය සඳහා ජන හඬක් නංවන්නට සැරසෙන රනිල් වික්‍රමසිංහ එමඟින් දේශීයත්වය විදේශිකයන්ට බදු හෝ සින්නක්කර ලෙස ලියා දීමට සැසරෙන සුදු ඇඳගත් කළු චරිතයක් සේ හැඳින්වීමට අප ඉක්මන් විය යුතු නැත.මක් නිසා ද එවැනි පාවා දීම වෙනුවෙන් කැප වී ක්‍රියා කරන සුදු හැඳගත් කළු චරිත මේ වන විට මෙරට ජනතාවගේ ශීඝ්‍ර හඳුනා ගැනීම් වලට ලක් වෙමින් තිබෙන බැවිනි.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan