දැන් හැමෝම කියනවා ආණ්ඩුව වැඩ කරන්නෑ කියලා. ප්‍රාදේශීය සභා මැතිවරණය දිනපු ගමන් අපි වැඩ පටන් ගන්නවා – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩක් නොකරන බවට බොහෝ දෙනා චෝදනා කරන බවත් මැයි 06 වනදා ප්‍රාදේශීය සභා මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව තම ආණ්ඩුව වැඩ පටන් ගන්නා බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“දැන් හැමෝම කියන්න පටන් අරන් තියෙනවා ආණ්ඩුව වැඩකරන්නෙ නෑ කියලා. ආණ්ඩුව වැඩක් නෑ. සජබෙට අනුව නම් මොකුත්ම කරන්නෙ නෑ අපි. දැන් මේකත් කෝටි දහය හමාරකට වඩා වැඩි ව්‍යාපෘතියක්. ලක්ෂ 10,000 කට ආසන්න ව්‍යාපෘතියක්. ඉතින් අපි ව්‍යාපෘති පටන් ගන්නවා. තව ටික දවසකින් අයවැය ලේඛනය සම්මත වෙලා ගමට එනකොට අපි ගොඩාක් ව්‍යාපෘති දාලා තියෙනවා. මේ සුංගාවිල ජනතාවට වතුර ලබාදීම සඳහා මුදල් වෙන්කරලා තියෙන්නෙ. මේ අවුරුද්ද අවසන් වෙනකොට සුංගාවිල සහ එතනින් එහා සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඊටපස්සෙ මුස්ලිම් පාසල් දෙකක ගොඩනැගිලි අවශ්‍යතාවය කියලා තියෙනවා, අපි ඒකත් මේ අවුරුද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රාදේශීය සභා මැතිවරණය අවසන් වෙනවා මැයි මාසේ 06. මේ වසර අවසන් වෙනකොට සියලුම ග්‍රාමීය පාරවල් ටික බොරළු හරි මොනවාහරි දාලා වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මැයි මාසෙ 06 ප්‍රාදේශීය සභා මැතිවරණය අවසන් වුණාම අපි වැඩ පටන් ගන්නවා. දැන් ප්‍රාදේශීය සභාවෙ බලය නෑනෙ, විධායක බලය නෑ. අපි ඒ විධායක බලය ලබාගන්නවා. අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා, කිසි කෙනෙක් සැකයක් තියාගන්න එපා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 26) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...