දළදා දැක්ම වෙනුවෙන් කිසිදු සංවිධානයකට මුදල් රැස් කිරිමට අවසරයක් නෑ!.

කොළඹ LNW:දළදා දැක්ම සංවිධාන කාර්යය සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායකහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාව, මහනුවර මහ නගර සභාව ඇතුලු රජයේ ආයතන ඒකාබද්ධව සිදු කරන බැවින් බාහිර පුද්ගලයන් සිදුකරන මුදල් රැස් කිරීමේ කාර්යයන් පිළිබදව අවධානය යොමු කළ යුතුව ඇතැයි ශ්‍රි දළඳා මාලිගාවේ තේවාවභාර, මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියෝ පැවසූහ.

වසර 16කට පසුව පැවැත්වෙන අප්‍රේල් මස 18 වන දින ආරම්භ වී එම මස 27 වන දින නිමාවට පත්වන දළදා දැක්ම සඳහා දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙතැයි අපේක්ෂා කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

එලෙස පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියවඩන නිලමේවරයා ප්‍රධාන ශ්‍රි දළදා මාලිගාව ද මහනුවර මහ නගර සභාව ඇතුලු රජයේ ආයතන සම්පාදනය කරන බවයි උන්වහන්සේ පැවසුවේ.

නමුත් ඇතැම් පිරිස් හා සංවිධාන මේ පූණ්‍ය පිංකම තුළින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් මහජනය විමිසිලිමත් වන ලෙසත් තිලෝගුරු බුදුන් වහන්සේගේ වාම ශ්‍රි දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා මහත් භක්තියෙන් යුතුව මහනුවරට පැමිණෙන ලෙසත් තේවාවභාර හිමියෝ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...