විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්!

රෂිකා හෙන්නායක මාර්තු 27, කොළඹ (LNW):

අද (27) පස්වරු 2.30 සිට හෙට (28) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි, විරෝධතාකරුවන් පිරිසකට, මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය අවට මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක් හා පාගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව බවට වාර්තා වේ.

එම්.එන්.එම්. නුස්රි (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු), එන්.ඩී. හේවාවිතාරණ (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම්) චින්තක ප්‍රසාද් (සම සෞඛ්‍ය විද්‍යා පීඨ නියෝජනය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති), මධුෂාන් චන්ද්‍රජිත් (අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු) ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින්ට මෙම ආඥාව නිකුත් කර ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...