“බෝහෝ අය උත්සහ කරනවා මේ පොහොට්ටුවේ පාක්ෂිකයාව බය කරලා නවත්තගන්න. මැයි 9 වනදා මේ එක සිදුවීමක් විතරයි” – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

බෝහෝ අය උත්සහ කරන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයා බිය වද්දමින් නවතා දැමීමටත්, මැයි 9 වනදා හටගත් සිදුවීම එක සිදුවීමක් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ඊයේ (26) සිදුකෙරුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“බෝහෝ අය උත්සහ කරනවා මේ පොහොට්ටුවේ පාක්ෂිකයාව බය කරලා නවත්තගන්න. මැයි 9 වනදා මේ එක සිදුවීමක් විතරයි. අනික මැයි 9 වනදා අපේ අහිංසක පාක්ෂිකයා මම විශ්වාස කරන්නේ නෑ ගෝල්ෆේස් එකට ගහන්න ගියා කියලා. මහින්ද මහත්තයා මුණගැහෙන්න ආවේ. ඒ අරගලය වෙලාවෙත් කිව්වා අරගලය එක්ක අපිට ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි අරගලකරුවා එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අවංකවම මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්නත් ඕනේ. අපි ඒක පිළිගන්නවා. ඒ සිස්ටම් එක වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මම. හැබැයි අරගලකරුවා දන්නේ නැතිනම් තමන්ගේ අවසන් ඉලක්කය මොකක්ද කියලා. අරගලය මුවාවෙන් යමෙක් දේශපාලන බලවේගයක් ගොඩනගන්න උත්සහ කරනවා නම් ඒ පිළිබඳව අරගලකරුවාට අවබෝධයක් නැතිනම් බලවේගයක එක ඉත්තෙක් බවට අපේ අරගලය කරන දරුවෝ පත් වෙනවා නම් ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...