‘හරක් කටාගේ’ ආයුධ සහකරු ‘ආමි සනත්’ අත්අඩංගුවට!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ආමි සනත් යන අන්වර්ත නාමයෙන් පෙනී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අහංගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙව්.

මෙම තැනැත්තා දැනට අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ආයුධ සහකරු බවට විශ්වාස කෙරෙන බවයි විමර්ශන පවසන්නේ.

ආමි සනත් නැමැත්තා මෙරට සිදුකළ අපරාධ දාමයකටම සම්බන්ධ පුද්ගලයකු බවට පැවසෙන අතර, ඔහු විසින් හරක් කටාගේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාලය පවත්වා ගෙන ගිය බවට සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 15 ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විමර්ශනවලට අනුව, ආමි සනත් නැමැත්තා පසුගිය කාලසීමාව තුළ හටගත් අපරාධවලදී සිදුවූ වෙඩිතැබීම් සඳහා භාවිතා කළ ආයුධ හරක් කටාගේ උපදෙස් පරිදි ලබා දී ඇති අතර, අපරාධ සිදුකිරීමෙන් අනතුරුව ඒවා සුද්ධ කර වෙනත් පාර්ශව වෙත භාර දීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...