ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍ය වේ

Date:

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය: සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (TRC) සහ දශක දෙකකට පෙර සිදු වූ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීමට ඇමැතිවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් දකුණු අප්‍රිකාවට ගිය බවට ජනමාධ්‍ය වාර්තා පළ වී තිබේ. දකුණු අප්‍රිකානු ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ විශේෂයෙන්ම එරට සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව, වර්ණභේදවාදයට එරෙහි අරගලයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පුරෝගාමී වැඩසටහනක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත.

දකුණු අප්‍රිකානු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ වැදගත් ලක්ෂණයක් වූයේ එහි විවෘතභාවය සහ විනිවිදභාවයයි. එම කොමිසම විසින් පවත්වන ලද මහජන සාක්‍ෂිවලින්, වසර ගණනාවක් තිස්සේ දකුණු අප්‍රිකානුවන්ට වර්ණභේදවාදී පරිසරයක් තුළ සිදු කර ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව තොරතුරු අනාවරණය විය. ශ්‍රී ලංකාවේ ස්ථාපිත එවැනි කොමිසමක් මගින්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙත සාමය සහ සංහිඳියාව සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් ලබා දිය හැකි බව ජාතික සාම මණ්ඩලය (NPC) විශ්වාස කරයි. අතුරුදහන්වූවන්ගේ පවුල්වලට, යුද්ධයේදී සහ වාමාංශික කැරැල්ලේදී අතුරුදහන් වූ තම ඥාතීන්ගේ ඉරණම පිළිබඳව දැනගැනීමට, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් මගින් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට ඓන්ද්‍රීයව, දේශීයව නිර්මාණය කළ එකක් විය යුතුය. මෙම ක්‍රියාවලිය ඓන්ද්‍රීය වන්නේ නම්, මිනිස් සිරුරක් විසින් ආගන්තුක අවයවයක් ප්‍රතික්ෂේප කරන ආකාරයෙන්, රට විසින් එය ප්‍රතික්ෂේප නොකරනු ඇත. ශ්‍රී ලංකාව පළිගැනීමේ යුක්තිය(retributive justice) සහ ප්‍රතිස්ථාපන යුක්තිය(restorative justice) ඉක්මවා යායුතු බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි. අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය, වැළැක්වීමේ ක්‍රියාවලියක් ලෙස ‘පළිගැනීමේ යුක්තිය’ භාවිත කරන අතර, අපරාධ නැවත සිදුවීම වැලැක්වීමට එමගින් හැකියාවක් සපයන්නේ නැත. වරද පිළිබඳ ඓන්ද්‍රීය සමාජ විඥානයක් නොමැති ආකාරයෙන් සමාජය ධ්‍රැවීකරණය විය හැකි බැවින්, සංහිඳියාව ඇති කර ගැනීම සඳහා, යුද්ධයට පෙර යුගයට සමාජය පරිවර්තනය කිරීම හෝ වරදට සම්බන්ධවූවන්ට දඬුවම් කිරීම හෝ ප්‍රමාණවත් වන්නේ නැත. වාර්ගික ගැටුම් හෝ මහා පරිමාණ ගැටුම් සඳහා නොගැලපෙන පළිගැනීමේ යුක්ති ක්‍රියාවලියට වඩා, දකුණු අප්‍රිකානු ආකෘතියේ පරිවර්තනීය ප්‍රවේශය වඩාත් සුදුසු බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි.

ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් ශ්‍රී ලාංකේය ජනතාව පිළිගන්නා ශ්‍රී ලාංකීය වටිනාකම් සහ යුක්තියේ ස්වරූපයන්ට අනුකූල විසඳුම් සෙවීම අභියෝගයක් වනු ඇත. ඒ අනුව වින්දිතයන්ට විශ්වාසය ඇති කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නියෝජිතයකු ලෙස කටයුතු කිරීම අවශ්‍ය බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි. දකුණු අප්‍රිකානු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙන්, විවෘත හා රටපුරා ක්‍රියාත්මක නාමයෝජනා ක්‍රියාවලියක් හරහා, සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන්, සිවිල් සමාජයෙන් සහ රටේ ආගමික ආයතනවලින් සමන්විත ස්වාධීන තේරීම් මණ්ඩලයක් විසින් ප්‍රසිද්ධියේ සම්මුඛ පරීක්ෂණයකට ලක්කර, එහි සාමාජිකයන් තෝරාගැනීම ඉතා වැදගත් වේ. එබැවින් සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා ක්‍රියාවලිය අධ්‍යයනය කරන පිරිස්, ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව සාක්ෂාත් කරගැනීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් පිහිටුවීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී විනිවිද පෙනෙනසුළු ක්‍රියාවලියක් ස්ථාපිත කෙරෙන බවට සහතික විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...