කසුන් වෙනුවට චිතගොංවලදී අසිතට ඉඩ

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 28, කොළඹ (LNW):  සිල්හෙට් හී පැවති ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ඉහළම දස්කම් දැක් වූ කසුන් රාජිත ⁣ ආබාධයකට ලක් වී ඇත.
මේ නිසා පළමු තරඟයේදී ලකුණු එකසිය දොළහකට කඩුලු අටක් ලබාගත් කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.


ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ටෙස්ට් තරඟවලදී වේග පන්දු යවන්නෙක් ලෙස කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු පළමු තරඟයට ආබාධිත තත්ත්වය නිසා ක්‍රීඩා නොකළත් කසුන් රාජිතගේ ආබාධය නිසා දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇත. ඒ අනුව චිතගොං හි ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයේදී වේග පන්දු යවන්නකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අසිත ප්‍රනාන්දු එක්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...